mediahumanrights.lk
Local NewsNews

කාම ආශාවෙන් මත් වී ගෙට රිංගූ පොලිස් නිලධාරියාගෙන් කාන්තාවක් බේරුණු හැටි

කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දැනට ඔහු පොලිස් ආරක්ෂාව සහිතව ප‍්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ. සැරයන්වරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට මාරුකර යවා තිබෙනවා.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයේ සේවය කළ 55 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට අනුව සිද්ධිය මෙසේයි,
හදගල රලපනාවේ කාන්තාවක සිය දරුවාට රැකියාවක් සඳහා යෑමට අවශ්‍ය පොලිස් නිෂ්කාශණ වාර්තාවක් ලබා ගැනිමට කැතිබිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයට පැමිණ මෙම සැරයන්වරයාව හමුවී තිබුණා. අදාළ වාර්තාව පසුව ලබා දෙන බවට සැරයන්වරයා එහිදි පවසා තිබුණා.
ඉන්පසුව එම කාන්තාවගේ නිවසට අද (21) ගොස් ඇති සැරයන්වරයා ඇයට බලහත්කාරයෙන් අතවර කිරිමට තැත් කර තිබෙනවා.
සැරයන්වරයාගෙන් බේරීමට එම කාන්තාව පොල්ලකින් සැරයන්වරයාට පහරදි ඇති අතර මේ බව දුරකථනයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබුණා.
පසුව කාන්තාවගේ නිවසට පොලිස් නිලධාරින් කණ්ඩායමක් පැමිණ බලන විට පහර කෑමට ලක් වූ සැරයන්වරයා නිල ඇඳුමෙහි ලේ සහිතව පුටුවක් මත වාඩි වි සිට තිබෙනවා. එහිදී ඔහුව පොලිස් අත්අඩංගුවට ගත්තා.
තමන් එම කාන්තාවට අතවර කිරිමට තැත් කළ බවට පොලිස් සැරයන්වරයා මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට පවසා තිබෙනවා.
පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවීමට අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස්ගේ නියෝග මත කැබිතිගොල්ලෑව වැඩ බලන සහකාර පොලිස් අධිකාරි  විජිත් අල්විස් කටයුතු කළා.

(under the courtesy of nethfm news web)

Related posts

පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..

Shiran Viraj

මගී අයිතිවාසිකම් අහිමි වන රටවල් අතර ශ්‍රී ලංකාවත්

Shiran Viraj

සජිත් පිහිටුවන ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරුන් නම් කරයි…

Shiran Viraj
Translate »