mediahumanrights.lk
Local NewsNewsPolitical

කාටවත් ඕන විදිහට පෙරහැරවලින් අලි ඉවත් කරන්න බැහැ

ඉතිහාසයේ සිට පැවත එන සංස්කෘතික උරුමයක් වන පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීම කිසි විටෙකත් නතර නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇතැම් පිරිස් පවසන ආකාරයට වසර දහස් ගණනක මෙරට හෙළ සිරිත් විරිත් වෙනස් කළ නොහැකි බවයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර දළඳා මාළිගා පරිශ‍්‍රය ආශ‍්‍රිත ඓතිහාසික දේවලායන්හි කටයුතු පිළිබඳ ඊයේ (14) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.
පෙරහැර සඳහා අලි ඇතුන් ලබා ගැනීමේ දී මතුව ඇති දුෂ්කරතා පිළිබඳ මෙහිදී දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන් ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කර තිබෙනවා.
ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත්තේ පින්නවල සහ ඇත් අතුරු සෙවනේ සිටින හීලෑ ඇතුන් පෙරහැර සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසයි.
එමෙන්ම දැනට අධිකරණ භාරයේ සිටින පෙරහැර සඳහා සුදුසු අලි ඇතුන් බැදුම්කරයක් මගින් පෙරහැර සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

මළගෙදර බඹර ප්‍රහාරයක්‌ නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස්‌ ලූ ලූ දුවති

Shiran Viraj

යහපාලන රජය සමයේ මෙරට විදුලි බලාගාර ඉදිනොකිරීමෙන් කෝටි 8500ක පාඩුවක්

Shiran Viraj

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Shiran Viraj
Translate »