mediahumanrights.lk
News Sports Sports News

ඉන්දියාවේ පරාජය ක්‍රිකට් වාර්තා අලූත් කරයි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පකිස්ථානය හමුවේ ඉන්දියාව ලැබූ පරාජය ක්‍රිකට් වාර්තා අලූත්කර තිබෙනවා.
පකිස්තානය, ඉන්දියාව පරාජය කළේ ලකුණු 180කින්. එය ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ තරගාවලියක අවසන් මහා තරගයකදී කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු පරතරය සහිත පරාජයයි.
අවසන් මහා තරගයේ දී පකිස්තානය රැස් කළ ලකුණු 338 ද පකිස්තානය අවසන් මහා තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.
ඉන්දියාවට එරෙහිව ඊයේ තරගයේ දී පකිස්තාන ආරම්භක පිතිකරුවන් ලකුණු 128ක සබඳතාවක් ගොඩනැගූ අතර අයි සී සී තරගාවලියක දී ඉන්දියාවට එරෙහිව ශතක සබඳතාවක් ගොඩනැගූ පළමු අවස්ථාව ද මෙයයි.
මෙම තරගයේ දී පකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන්, රවිචන්ද්‍රන් අස්වින්ගේ පන්දු 33කදී ලකුණු 45ක් රැස් කළා.
එය කිසියම් පිතිකරුවෙකු අස්වින්ගේ පන්දු හමුවේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

(under the courtesy of nethfm news web)

Related posts

සියළු වාහනවල ස්ටිකර් පෝස්ටර් ගලවන්න නියෝග කරයි..

Shiran Viraj

‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

Shiran Viraj

මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්

Shiran Viraj