23.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

අන්තරේ තවත් 02ක් අල්ලයි

සයිටම් ආයතනයට එරෙහිව ඉකුත් දා පැවති විරෝධතාවයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී එහි දේපලවලට හානි කිරීමේ චෝදනා මත සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් දෙදෙනෙකු ඊයේ (25) රාත‍්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා අද (26) සියඹලාණ්ඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිය නිවසේ රැඳී සිටිය දී ඔහු අත්අඩංගුවට ගැණුනා.
මේ අතර තවත් සිසුවෙකු කටාන ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාලිගාකන්ද අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැණුනා. ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මුණගැසීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයට යාමටයි නියමිතව තිබුණේ. ඊට තම සංගමයේ විධායක සභාවේ නිලධාරීන් ද එක් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.
(under the courtesy of nethfm news web)

Related posts

විශ්වාස භංගයට අත්සන් ගන්න විපක්‍ෂය මහ වලියක.. සජිත් ඇතුළු පිරිසක් බෑ කියයි… පිරිසක් හා කියයි..

Shiran Viraj

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

Shiran Viraj
Translate »