31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

සර්වජන ඡන්ද බලය සුරක්ෂිත දේශයක් ගොඩනැගිය යුතුයි

සර්වජන ඡන්ද බලය සුරක්ෂිත වන දේශයක් ගොඩනැගිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.“මැතිවරණ ක්‍රියාවලිය හා ඡන්ද විමසීම් නීතිය,,  මැයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මෙම වැඩමළුවක් පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කීය,“ රටක මැතිවරණයක් පවත්වන්නේ ප්‍රජාතාන්ත්‍රීය  පාලනයක් සඳහායි. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම යථාර්ථයක් වීමට නම් හෘද සාක්ෂියට අනුව වැඩකිරීමට සෑම නිලධාරියෙක්ම ක්‍රියා කළයුතුයි. මුදල් වියදම් කිරීමත්, අධිකරණය හමුවේ කරුණු දැක්වීමත් විශාල ගැටළු නොවෙයි. එහෙත් හෘද සාක්ෂියට අනුව ක්‍රියා නොකළහොත් එය නිදහස් හා සාධාරණ මැතිවරණයකට විශාල බලපෑමක් වෙනවා.රටක ඡන්දයක් පවත්වන විට ඡන්ද අපේක්ෂකයන්ට සහයෝගය පළකිරීම ඡන්ද දායකයන් විසින් ඉටු කරනු ලබනවා. මෙය අපේ රටේ දක්න්නට ලැබෙන විශේෂත්වයක්. නමුත් ඒ ඡන්ද දායකයන් නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස දේශපාලන පක්ෂ අපේක්ෂකයන් ගෙන් ඉල්ලා සිටිනවාදැයි කියන්න බැහැ. එවැන්නක් නොවීම නිසා අපේක්ෂකයන් නිදහස් හා සාධාරණ ඡන්දයකට පසුබිම් වන කරුණු ගැන අවදානය යොමු කරන්නේ නැහැ.. “ යැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනාවෙන් මිය යන සියල්ලන් ආදාහනය කිරීම පමණයි.. ගැසට් පත‍්‍රය මෙන්න..

Shiran Viraj

ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්

Shiran Viraj

GSP ඉක්මන් සහනය ධීවර ජනතාවට

Shiran Viraj
Translate »