26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
News

සම්බන්ධන් හමුවේ විග්නේෂ්වරන් අඩියක් පස්සට ගනී

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ට හා පළාත් ධීවර අමාත්‍ය පී.ඩෙනිශ්වරන් වෙත මසක කාලයක් නිවාඩු ලබා ගන්නා ලෙසට තමන් කළ නියෝගය වෙනස් කරන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.
විග්නේෂ්වරන් එහිදි දැනුම් දි ඇත්තේ සම්බන්ධන් මහතා අදාළ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් වගකීම භාරගන්නේ නම් හා අමාත්‍යවරුන් දෙදෙනා වෙත පවත්වන ස්වාධීන පරීක්ෂණය වෙත බලපෑම් නොකරන්නේ නම් අදාළ නියෝගය වෙනස් කරන බවයි.
විග්නේශ්වරන්ගේ අදාළ ලිපිය සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප‍්‍රතිචාරයක් නොදක්වා ඇති බැව්ද උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පැවසුවා.
කෙසේවෙතත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මීට පෙර විග්නේශ්වරන් වෙත ලිපියක් මගින් දැන්වූයේ පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් හා පළාත් ධීවර අමාත්‍ය පී.ඩෙනිශ්වරන් වෙත ලබාදී තිබු නියෝග වෙනස් කරගන්නේ නම් විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් පක්ෂව කටයුතු කළ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයින්ගේ තීරණය වෙනස් කරන බවයි.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයින්ගේ තීරණය වෙනස් කළ හොත් විග්නේෂ්වරන්ට බහුතර බලය ලබා ගැනීමට හැකියාව පවතිනවා.
යාපනය රදගුරු ජස්ටින් ඥානප‍්‍රකාශම් පියතුමා ඇතුලු ආගමික නායකයින් ලබාදුන් උපදෙස් අනුව විග්නේෂ්වරන් අදාළ තීරණය ගෙන ඇති බව ද සඳහන්.
(under the courtesy of nethfm news web)

Related posts

විමල් වැලිකඩ හිරේ උපවාසයක් අරඹයි

Shiran Viraj

පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කල යුතුයි..- අගරදගුරු

Shiran Viraj

කබ්රාල් පොහොට්ටු සභාපති වගේ.. ජනාධිපතිත් අන්දලා..

Shiran Viraj
Translate »