mediahumanrights.lk
Local News News Political

වැඩිහිටියන්ට කරදර නම් 118 අමතන්න- එස්.බී කියයි

වැඩිහිටියන්ට මුහුණදීමට සිදුවන කරදර හා ගැටළු පිළිබඳව දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා  කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
118 යන දුරකථන අංකය ඔස්සේ එම ගැටළු දැනුම් දිය හැකි බව අමාත්‍යවරයා කියා සිටියි.
මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරය, එස්.බී දිසානායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද  (15) කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේදී ආරම්භ කෙරුණි.
එහිදී බස් රථ වල ප්‍රචාරක ස්ටිකර් ඇලවීමේ කටයුතු සඳහා සහභාගී වූ අමාත්‍යවරයා ප්‍රකාශ වැඩිදුරටත් කියා සිටියේ මෙරට වැඩිහිටියන් සඳහා ගෞරවණීය සමාජයක් ගොඩනැංවීමට කටයුතු කරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියි

Shiran Viraj

විශ්වාසභංගය තුළින් ජනතාව දැනුවත් කිරීම අපේක්ෂාවයි

Shiran Viraj

පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..

Shiran Viraj