2026-09-07
mediahumanrights.lk
Local NewsNews

පොලිසිය කළ දින 05 ක මෙහෙයුමෙන් මාර්ග නීති කැඩූ රියදුරන් කොටු වූ හැටි

ඉලක්කගත රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 9130 කට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ බව පොලීසිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි සඳහන් කළේ ඉකුත් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා වූ දින 5 ක කාලය තුළ මෙම මෙහෙයුම් සිදුකළ බවයි.
මෙහිදී කොළඹ නාගරික සීමාව තුළ සහ ප‍්‍රධාන මාර්ග ආශි‍්‍රතව මෙහෙයුම සිදු කෙරුණා. එහිදි බීමතින් රිය පැදවූ පුද්ගලයන් 34 දෙනෙකුට සහ මංතීරු නීතිය උල්ලංඝණය කළ රියදුරන් 7456 කට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ බවයි පොලීසිය පැවසුවේ.
අපරික්‍ෂාකාරී ලෙස රිය ධාවනය කළ 26 දෙනෙකුටද නීතිය කි‍්‍රයාත්මක කර තිබෙනවා. මාර්ග අවහිර වන සේ වාහන නවතා තැබූ අටසිය හතලිස් පස් දෙනෙකුට සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් රියදුරන් 769 කට නීතිය කි‍්‍රයාත්මක කෙරුණා.
ඉදිරියේදීද මෙවැනි විශේෂ රථ වාහන මෙහෙයුම් දිවයින පුරා කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

Shiran Viraj

හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….

Shiran Viraj

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

Shiran Viraj
Translate »