mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

නයනතාරා රවීන් පෙම් දැලක පැටලිලාද?

දෙවැනි ඉනිමෙන් නයනතාරා දැන් ජනප්‍රියයිනේ?
මේ දවස්වල දෙවැනි ඉනිමත් එක්ක ලොකු ප්‍රේක්‍ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඇත්තටම ඒ ගැන සතුටුයි.
නයනතාරාට රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ‍ෙදාරගුළු හැරුණේ කොහොමද?
සාමාන්‍ය පෙළ විභාගය ලිව්වට පස්සේ මං රංගනයට සම්බන්ධ ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඒකෙදී අපි කරපු වේදිකා නාට්‍යයක මං රඟපෑවා. මේ නාට්‍ය වේදිකාගත කළේ නාමෙල් මාලිනී පුංචි තියටර් එකේ. මං ටෙලි නාට්‍යවල රඟපාන්න කලින් වේදිකා නාට්‍යවල තමයි රඟපෑවේ.
ඒ කියන්නේ නයනතාරා රංගනයට එන්න හීන දැක්ක කෙනෙක්ද?
ඔව්. හැබැයි මං ලොකුවට ඒ ගැන හිතුවේ නෑ. මං පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ හැම කලා කටයුත්තකටම සම්බන්ධ වුණා. විශේෂයෙන්ම වේදිකා නාට්‍යවල මම ගොඩක් රඟපෑවා. ඉතින් ඒ ආසාව තමයි මාව මෙතැනට ගෙනල්ලා තියෙන්නේ.
දෙවැනි ඉනිම කියන්නේ ඔබ සම්බන්ධ වුණු පළමුවැනි ටෙලි නිර්මාණය නෙවෙයිනේ?
නැහැ. හංස පිහාටු, එරන් ළන්දු, ප්‍රාණ කියන ටෙලි නාට්‍යවලට පස්සේ තමයි මං දෙවැනි ඉනිමට සම්බන්ධ වුණේ.
දැන් ගොඩක් අය නයනතාරාව හඳුනන්නේ ‘දෙව්මි’ විදියට නේද?
ඇත්තටම ඔව්. දෙවැනි ඉනිම ලොකු පොඩි භේදයක් නැතිව හැමෝම බලන හින්දා මාව ප්‍රේක්‍ෂකයෝ බොහෝ පිරිසක් දැන හඳුනා ගත්තා. විකාශය වෙලා ඉවර වුණු ‘ප්‍රාණ’ නාට්‍යයත් ගත්තම මේ දෙකටම මට හිටියේ ප්‍රේක්‍ෂකයෝ දෙවර්ගයක්. හැබැයි මට ලොකු පොඩි අය හැමෝම දැන් කතා කරන්නේ ‘දෙව්මි’ කියලා තමයි.
හැබෑ ජීවිතේදීත් නයනතාරා දෙව්මි වගේද?
නැහැ. දෙව්මිගේ චරිතයයි මගේ ජීවිතෙයි අතර ලොකු වෙනස්කමක් තියෙනවා.
මොනවද ඒ වෙනස්කම්?
මං හැබෑ ජීවිතේදී ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්න කෙනෙක්. ඒත් එක්කම දෙව්මි හැම තිස්සෙම අනුහස් පස්සෙම වැටිලා එයා ගැන හොයනවනේ. හැබැයි එහෙම හොයන්න නයනතාරාට මස්සිනා කෙනෙක් නෑ.
හැබෑ ජීවිතේදී නයනතාරා, රවීන් පෙම්වතුන් කියලත් කතා පැතිරෙන්න අරගෙන. මොකක්ද මේ කතාවල ඇත්ත නැත්ත?
අනේ අම්මෝ එහෙම දෙයක් නෑ. අපි හොද යාළුවෝ.
දෙවැනි ඉනිමේදී යාළුවෙක් විදියට මුණගැහුණේ රවීන් විතරද?
නැහැ ශනුයි, රවීන් අයියයි, කේෂාන් අයියයි අපි හතර දෙනාම අතරේ තියෙන්නේ ලොකු මිත්‍රත්වයක්. මට ගොඩක් හම්බෙන්නේ ශනුයි. රවීන් අයියයි. රවීන් අයියාගේ වැඩේ හැම වෙලාවෙම හිනාව නවත්තගන්න බැරි විහිළු කතා කියන එක. ආයෙත් අපි පාසල් කාලෙට ගියා දෙවැනි ඉනිමෙන්.
නයනතාරා සැබෑ ජීවිතයේදී ආදර දැලක පැටලිලාම නැද්ද?
ඇත්තටම නෑ. තාම නම් එහෙම වෙලා නෑ.
රංගනයේදී අනෙක් ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?
මාත් එක්ක වැඩ කරපු, රඟපාපු ප්‍රවීණ අය වගේම ආධුනික හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ශ්‍රද්ධා මංගල සූරියබණ්ඩාර සර් ඇතුළු මට මේ තාක් උදව් කළ හැමෝටම මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
සිනමාවටත් සම්බන්ධ වෙන්න ලැබුණා කියලා ආරංචියි?
ඔව්. අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. මේ දවස්වල ටෙලි නාට්‍යයට අමතරව චිත්‍රපටයේ රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා.
රංගනය නිසා අධ්‍යාපන කටයුතුවලට තිත තිබ්බද?
නැහැ. ඉගෙන ගන්න දෙයක් තමයි ජීවිතේට ගොඩක් වටින්නේ. මේ වෙනකොට මං ව්‍යාපාර ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලාවක් කරනවා. රඟපෑම වෘත්තිය කරගන්න ආසයි. හැබැයි ඉගෙනගන්න එකත් මං කරනවා.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

Google introduces Neural Networks API in DP of Android 8 Developer Review

Shiran Viraj

නියෝජ්‍ය ඇමති අලින්ට ආහාර රැගෙන යන්න එයි (PHOTOS)

Shiran Viraj

බත්තරමුල්ල අවට රජයේ සේවකයින්ට එන්න යන්න සහන වෙලාවක්

Shiran Viraj
Translate »