30 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

දියණියන් දෙදෙනා සහ පුතාගේ දෑත් බැඳ ගසක එල්ලා මැරූ නරුම පියා

පියා විසින් සිය දියණියන් දෙදෙනා සහ පිරිමි දරුවා ගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා ගෙල වැළලා ගැනීමට සැළැස්වූ පුවතක් කඹුරුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (26) රාත්‍රියේ කඹුරුපිටිය පොලිස් වසමේ බෙරලිඅතුර ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට 119 ට ලද තොරතුරකට අනුව පොලිසිය ගොස් සිදු කළ පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී තිබෙනවා. පොලිසිය අදාළ ස්ථානයට යන විටත් ගින්නෙන් නිවස මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙනවා.
පසුව නිවස ඉදිරිපිට ඇති ගස් දෙකක් අතර හරහට දැමූ උණ ලීයක ගැට ගැසූ තංගුස් ළණු ආධාරයෙන් එල්ලී මරණයට පත්ව සිටි මෙම දැරියන් දෙදෙනා, පිරිමි දරුවා සහ සැකකාර පියාගේ මළසිරුරු හමු වී තිබෙනවා.
මරණයට පත්ව ඇති සැකකාර පියා වයස අවුරුදු 44 ක් වූ පතිරණගේ ප්‍රියන්ත නැමැත්තෙක්. වයස අවුරුදු 16 ක් වූ කෞෂල්‍යා සෙව්වන්දි සහ වයස අවුරුදු 10 ක් වූ හිරුණි සෙව්වන්දිකා දියණියන් දෙදෙනායි. මෙම සැකකාර පියාගේ පුත්‍රයා හිමිනමක වන වයස අවුරුදු 14 ක අයෙක්.
සිද්ධිය ඇති වූ අවස්ථාවේදී නිවසට පැමිණ ඇති හිමිනම එහිදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබෙනවා.
මෙම නිවසේ පදිංචි දරුවන්ගේ මව සහ පියා අතර ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මාසයකට පමණ පෙර දරුවන් හා පියා අතහැර ඇය නිවසෙන් පිටව ගොස් තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..

Shiran Viraj

මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Shiran Viraj

කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල්

Shiran Viraj
Translate »