mediahumanrights.lk
Local NewsNews

තැපැල් වර්ජනයත් ඇරඹෙයි

තැපැල් සේවකයින් අද (27) අලුයම සිට වර්ජනයක් ආරම්භ කළා. ඒ පෞරාණික තැපැල් කාර්යාල, හෝටල් ව්‍යාපෘති සඳහා ලබා දීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
විසි පන්දහසකට ආසන්න තැපැල් සේවකයින් පිරිසක් මෙම වර්ජනයට එක්ව සිටින බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ.
තැපැල් කටයුතු ඇන හිටීම වෙනුවෙන් සිදුවන අපහසුතාවන් පිළිබඳව ද ඔහු කරුණු දැක් වූවා. එහිදී ඔහු සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් සමස්ත රටේම අර්බුධ රැසක් මතුවෙන බවයි. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ඉල්ලුම්පත්‍ර කැඳවීම, විවිධ විභාග සඳහා ප්‍රවේශපත්‍ර මේ දිනවල තැපෑල හරහා හුවමාරු වෙමින් ඇති බවද සඳහන් කළා.
කෙසේ වෙතත් තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් කියා සිටියේ අත්‍යවශ්‍ය සේවාවන් ක‍්‍රියාත්මක කිරීමට සිය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..

Shiran Viraj

කෝටිපති ව්‍යාපාරික 'Kids World'හි අධිපති රංග සංජීව ලිපියක් ලියා දිවිනසා ගනී – ඡායාරූප සහිතයි

Shiran Viraj

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්….

Shiran Viraj
Translate »