27.8 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

තැන් තැන් වල කුණු දැමූ 450ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ අනවසර ස්ථාන වෙත කසල බැහැර කළ පුද්ගලයින් 454 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 21,22 සහ 23 යන දිනවල මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
වැඩිම පිරිසක් අත්අඩගංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයෙන්.
එම සංඛ්‍යාව 95ක්. කොළඹ මධ්‍යම ප්‍රදේශයෙන් 68 දෙනෙකු ද කොළඹ උතුර ප්‍රදේශයෙන් 57 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දකුණ ප්‍රදේයෙන් 33 දෙනෙකු , නුගේගොඩ ප්‍රදේශයේ 53 දෙනෙක් සහ ගල්කිස්ස ප්‍රදේශයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
අනවසර ස්ථානවලට කසල බැහැර කළ කැළණිය ප්‍රදේශයේ 56 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව ප්‍රදේශයේ 30 දෙනෙකු සහ පානදුර ප්‍රදේශයේ 53 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව අදාළ පොලිස් ස්ථාන මගින් නඩු පැවරීමට නියමිතයි.
තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කරන වැඩවර්ජනය ස්ථීර වශයෙන් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
ජාතික වෘත්තීය සමිති පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති චින්තක බණ්ඩාර පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

Shiran Viraj

බංකොලොත් වීමෙන් අගතියට පත් හැමෝටම සහන..

Shiran Viraj

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

Shiran Viraj
Translate »