mediahumanrights.lk
Local News News Political

ජනතා නින්දා අපහාස මැද ජනපති විසඳුමකට යයි

ජනතාවගේ නින්දා අපහාස විවේචන සහ චෝදනා මත කැළි කසල ප‍්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඊට නව ව්‍යාපෘතීන් රැසක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
මාධ්‍යවේදීන් සමග ඊයේ (24) රාත‍්‍රීයේ පැවති රූපවාහිණී සංවාදයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමෙන් කැළි කසල එක් රැස්වීම සහ ඩෙංගු රෝගය ව්‍යප්ත වන බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට ද ජනාධිපතිවරයා මෙහි දී පිළිතුරු ලබා දුන්නා.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමේ උවමනාවක් තමන්ටවත් රජයටවත් නැති බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්‍ෂ හැටක්.. දිනකට ලක්‍ෂ දෙකක්….

Shiran Viraj

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

Shiran Viraj