mediahumanrights.lk
Local NewsNewsPolitical

කසල කළමණාකරණ හා ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්

කසල කළමණාකරණයේදී හා ඩෙංගු මර්දනයේදී සියලූ දෙනා තමන් වෙනුවෙන් මෙන්ම සමස්ත රට වෙනුවෙන්ද තම වගකීම් ඉටුකල යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කැළිකසල ගැටලූවට සහ ඩෙංගු උවදුරට විසදුම් සෙවීම සදහා දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මහජනතාව සමග අත්වැල් බැදගත යුතු බවයි.
උපදෙස් පත්‍රිකා, චක්‍රලේඛ හා නියෝගවලට වඩා මෙහිදී වැදගත් වන්නේ මනුෂ්‍යත්වය හා හෘද සාක‍ෂිය අනුව තම වගකීම් ඉටුකිරීමයි.
කැළිකසල කළමණාකරණය හා ඩෙංගු මර්දනය පිළිබද ප්‍රමුඛතාව දී කටයුතු කරමින් ඒ පිළිබද ජනතාව දැනුවත් කරන පණිවිඩකරුවෙකු ලෙස කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයා සියලූ අමාත්‍යවරුන්ගෙන් හා රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මහරගම පැවති කොළඹ දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අමතමින්.
(under the courtesy of nethfm news web)

Related posts

ලාෆ්ස් ගෑස් මිල අද සිට ඉහළට

Shiran Viraj

තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්න

Shiran Viraj

“LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ”- සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයි

Shiran Viraj
Translate »