mediahumanrights.lk
International NewsNews

කටාරය බෑ කියන ගල්ෆ් රටවලින් ආ කොන්දේසි මෙන්න

තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සඳහා සෞදි අරාබිය ඇතුලු ගල්ෆ් රටවල් ඉදිරිපත් කර ඇති කොන්දේසි කටාර් රාජ්‍යය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කටාර් විදේශ අමාත්‍යවරයා එම කොන්දේසි ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒවා සාධාරණ හෝ යථාර්ථවාදී කොන්දේසි නොවන බවයි.
එම සම්බාධක ඉවත් කිරීමට කටාර් රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අල්ජසීරා රූපවාහිනිය වසා දැමීම, ඉරානය සමග සබඳතා අවම කිරීම මෙන්ම තුර්කි හමුදා කඳවුර වසා දැමීම ඇතුලූ කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා කටාරයට ලබාදී ඇත්තේ දින 10 ක කාලයක්.
ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය, බහරේනය, ඊජිප්තුව ඇතුලු රටවල් දේශ සීමා සහ ගුවන් සීමා වසා දැමීම ඇතුලු සම්බාධක රැසක් කටාරයට එරෙහිව ක්‍රියාත්මක කළා.
(under the courtesy of nethfm news web)

Related posts

නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නාය ගිය කොටස්: නව මාර්ග තැනීමට හමුදා නිරීක්ෂණ චාරිකාවක්

Shiran Viraj

ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?

Shiran Viraj

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj
Translate »