mediahumanrights.lk
NewsSportsSports News

එංගලන්තයට ලකුණු 87 ක ජයක්

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟවලියේ නවසීලන්තය සමඟ පැවති තරඟයෙන් ලකුණු 87ක ජයක් හිමිකරගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගනයේදී තරඟය පැවත් විය.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.
එංගලන්තය පන්දු වාර 49යි පන්දු 03කදී සියළු දෙනා දැවී ලකුණු 310ක් රැස් කළේය.
ජෝ රූට් ලකුණු 64යි.
ජොස් බට්ලර් ලකුණු 61යි.
පන්දු යැවීමේදී ඇඩම් මිල්න් සහ කොරේ ඇන්ඩර්සන් කඩුලු 03 බැගින් දවා ගනු ලැබීය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට පන්දු වාර 44යි පන්දු තුනකදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 223ක් පමණයි.
කේන් විලියම්සන් ලකුණු 87යි.
පන්දු යැවීමේදී ලියම් ප්ලන්කට් කඩුලු 04ක් දවා ගනු ලැබීය.
(under the courtesy of adaderana news web)

Related posts

විග්නේෂ්වරන් පුටු දෙකක් අතහරී

Shiran Viraj

බිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..

Shiran Viraj

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Shiran Viraj
Translate »