24.3 C
Colombo
2026-01-27
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

වානිජ බැංකුවල බොල් දේපල මහ බැංකුව අමාරුවේ දාලා ?

ලංකාවේ ප්‍රධාන වානිජ බැංකු විසින් සිය ආයතනවල සේවය කරනු ලබන සේවකයන්ට හා හිතමිතුරන්ට ණය දීමේදී උකසට තබාගෙන ඇති දේපලවල වටිනාකම දී ඇති ණයට වඩා අඩුවීම හේතුවෙන් ගැටලු මතුව ඇතැයි මහ බැංකු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
බැංකු විසින් දේපල ණය දීමේදී බොහෝ විට ණය දෙනු ලබන්නේ සින්නක්කර ඔප්පු මත වුවද, සිය සේවකයන්ට ණය දීමේදී ප්‍රකාශන ඔප්පු මත ද ණය දී ඇතැයි වාර්තා වේ.
එසේ දෙන ලද ණය වත්කම් ලෙස මහ බැංකුවට ඉදිරිපත් කිරීම හේතුවෙන් මහ බැංකුව සමස්ත වත්කම් සැකසීමේදී අපහසුතාවට ලක්ව ඇති බව පැවසේ.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වීමට රජයේ වගකිවයුතු අංශ කටයුතු කර ඇති බවත්, ඉදිරියේදී එසේ ණය දෙන ලද බැංකු කළමනාකරුවන් සම්න්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

ලංකාවට පොඩි වූ මහේලට ලොකු ක්‍රිකට් පුටුවක් ලැබෙන ලකුණු

Shiran Viraj

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

Shiran Viraj

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

Shiran Viraj
Translate »