mediahumanrights.lk
Local NewsNews

රණවිරු සැමරුම් උත්සවය දා රථ වාහන සැලැස්ම මෙන්න

ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අනිද්දා දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.
එදින පස්වරු 2.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කිරීමට හෝ වසා තැබීමට සැලසුම් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව පොල්දූව හන්දියේ සිට පැලවත්ත හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගය, කිඹුලාවල හන්දියේ සිට කියන් හෑම් වටරවුම හරහා පාලම් තුන හන්දිය දක්වා ජපන් මිත්‍රත්ව මාර්ගය, පාලම් තුන වටරවුමේ සිට කියන් හෑම් වටරවුම හරහා පොල්දූව හන්දිය දක්වා මාර්ගය සහ පැලවත්ත හන්දියේ සිට කියන් හෑම් හරහා පොල්දූව හන්දිය දක්වා යන මාර්ගවල මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකවේ.
මේ හේතුවෙන් මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

මං ජනාධිපති වුනාම වැටුප් වැඩි කරන්නේ ජූනි සිට.. මාස හයෙන් හයට වැඩි කරනවා…

Shiran Viraj

Tech Insider – Should Apple release an iPad Pro mini?

Shiran Viraj

ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….

Shiran Viraj
Translate »