mediahumanrights.lk
Local NewsNewsPolitical

කොමිසන් සභාවල නියෝජිතයින් ජනපතිට කරුණු කියයි

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිසන් සභාව ද ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඊයේ (17) පැවැත්වුණා.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුනේ ජනාධිපති කාර්යාලයේදීයි.
රාජ්‍ය සේවා, මැතිවරණ, විගණන සේවා, මානව හිමිකම්, සීමා නිර්ණය, ජාතික ප‍්‍රසම්පාදන සහ ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝජිතයින් ඊට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කොමිසන් සභාවල කටයුතු ක‍්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටළු පිළිබඳ එම නියෝජිතයින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළා.
කොමිසන් සභාවල කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙල ප‍්‍රමාදයකින් තොරව ඉටු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.
විගණන පනත ඇතුළු පනත් සම්මත කර ගැනීම, කාර්ය මණ්ඩල සපුරා ගැනීම ඇතුළු අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා අදාළ අංශ සමග ඉදිරියේදී සාකච්ඡා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

හදිසි කැබිනට් මණ්ඩලය රැස්වීමක් හෙට

Shiran Viraj

ඇෆ්ගනිස්තානය පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

Shiran Viraj

ශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..

Shiran Viraj
Translate »