31.1 C
Colombo
2026-03-02
mediahumanrights.lk
International NewsNews

අමෙරිකාවේ පොලිස් වධ හිංසා ගැන වාර්තාවක් එළියට

අමෙරිකාවේ පොලිසිය සිදුකරන වධ හිංසා නිසා වසරකට 51000 කට අධික පිරිසක් රෝහල් ගත වන බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
2006 සහ 2012 වසරවලදී සිදු කළ විමර්ශනවලට අදාළව මෙම අනාවරණයන් සිදු කර තිබෙනවා.
මෙලෙස පොලිස් වධහිංසාවලට ලක්වූවන්ගෙන් සියයට 80 ක්ම මානසික ආබාධවලට ලක් වී ඇති බවද ඔවුන් අඩු ආදායම් ලබන්නන් බවද අනාවරණය කරගෙන තිබෙනවා.
2006 සහ 2012 අතර සමයේ 355667 ක පිරිසක් පොලිසියේ සාහසික ක්‍රියාවලට ලක්වී ඇති බවද ඉන් පෙන්වා දෙනවා.
නිව්යෝර්ක් රෝහල විසින් සිදු කර තිබෙන මෙම අනාවරණයන් සමග අමෙරිකාව පුරා දැඩි කතාබහක් මේ පිළිබඳව ඇති වී තිබෙන බවද සඳහන්.
(under the courtesy of nethfm news web)

Related posts

හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනී

Shiran Viraj

අලුත් මන්ත‍්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගාරය පිරී යයි..

Shiran Viraj

සෞදි අරාබිය තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දමයි

Shiran Viraj
Translate »