26 C
Colombo
2024-07-08
mediahumanrights.lk
Local News News

සයිටම් ගැන රජයේ නිවේදනය පිටවෙයි, ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන්න – GMOA

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම ස්ථාවරය ප්‍රකාශයට පත්කර ඇත්තේ.
මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් සහ අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ මෙම නිවේදනය මඟින් වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.
වෛද්‍ය උපාධියට අදාල අවසන් පරීක්ෂණය සමත් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට හෝමාගම හෝ අවිස්සාවේල්ල රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට සයිටම් සිසුන් පෙනී සිටීම අනිවාර්ය කර ඇති බවද එහි සඳහන්.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාල රජයේ තීරණ ක්‍රියාත්මක කරන තෙක් ඒ සඳහා අලුතින් සිසුන් බදවා ගැනීම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අත්හිටුවිය යුතු බවටද එමඟින් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම නවීන පහසුකම්වලින් සමන්විත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ශික්ෂණ රෝහලක් ලෙස ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමට ද රජය තීරණය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර වෛද්‍ය අධ්‍යාපනය හැදැරීම සඳහා නියමිත අනිවාර්ය මූලික සුදුසුකම් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස නීතිගත කිරීමටද රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ වරම් නොලබන සිසුන්ට මෙරටදීම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීම හා ඒ සඳහා ප්‍රමිතිගත පදනමක් මත පෞද්ගලික අංශයේ සහය ලබාගැනීමට සූදානම් බවයි අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.
පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මගින් මෙරට සිසුන් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම සඳහා අදාල ආයතනවලට උපදෙස් ලබාදීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල කෙරෙහි වැඩි අවධානයක් යොමු කර රජයේ වෛද්‍ය පීඨ සඳහා බදවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල නැංවීම හා නව වෛද්‍ය පීඨ ඇරඹීම රජයේ ස්ථාවරය බවද මෙම නිවේදනය මගින් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය නිකුත් කර ඇති නිවේදනය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිදසි විධායක සභා රැස්වීමක් මේ වනවිට කොළඹදී පැවැත්වෙනවා.
එම සාකච්ඡාවට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨධිකරණයට ඉදිරිපත් කරන බවට ලිඛිත දැනුම්දීමක් තම සංගමයට අවශ්‍ය බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

අවුරුද්දට සීනි මිල ඉහළ යයිද ?

Shiran Viraj

පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..

Shiran Viraj

සුවවිරුවන්ට එරෙහි මර්දනයක් : 1990 සුවසැරිය නවතින ලකුණු!

Shiran Viraj