31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNewsPolitical

රවී රටේ නායකයා කිරීමේ සුදානමක් !

විදේශ අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාත්, මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාත් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දෙනු ලැබිය.
අනාගත රටේ නායකයෙකු වීමට සිතා සිටින්නේ නම් විදෙස් නායකයන් හමුවී දැන හඳුනාගෙන සිටීම වැදගත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය රවි කරුණානායක මහතාට පැහැදිලි කර දී ඇතැයි ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
මුදල් ඇමැතිධූරය තමාගෙන් ඉවත් කරන්නේ නම් කිසිඳු ඇමති ධුරයක් බාර නොගන්න බවට ‘ලංකා නිව්ස් වෙබ්’ අඩවියට ප්‍රකාශයක් කර තිබූ රවි කරුණානායක මහතා, අගමැතිවරයා විසින් එසේ කරුණු පැහැදිලි කරදීමෙන් පසු තැන්පත් වී ඇත.
අගමැතිවරයා එසේ අවවාද කර ඇත්තේ ඊයේ රාත්‍රී අරලිය ගහ මන්දිරයේ පැවති එජාප කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීමේදීය.
ඊට අමතරව අමාත්‍යංශය වෙනස්වී ඇති අයුරු පහත දැක්වේ.
විදේශ ප්‍රතිපත්තියේ මුල් තැන ආර්ථිකයට :
මින් ඉදිරියට මෙරට විදේශ ප්‍රතිපත්තිය ආර්ථිකය නැංවීම ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන යැමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟත්වයට පැමිණ තිබේ.
රවී කරුණානායක මහතා විදේශ අමාත්‍ය ධුරයට පත්කර ඇත්තේ ඒ අනුවය. මෙහි මූලික පියවරක්‌ වශයෙන් ඉහත තීරණයට අනුකූලව ලබන වසරේ (2018) අයවැය යෝජනාවලිය ද සකස්‌ කිරීමට නියමිතය.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව විදේශ රටවල් සමඟ ඇතිකර ගත් නව සබඳතා මත ඉහත තීරණය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග තවදුරටත් පවසයි.
(under the courtesy of srilankamirror news web)

Related posts

ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසු

Shiran Viraj

ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Army

Shiran Viraj

මම ජීවිතයේ හොඳම තීරණය ගත්තා

Shiran Viraj
Translate »