32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

මුදල් වංචාවකට මහින්දානන්දට අධි චෝදනා

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධි චෝදනා කොළඹ මහාධිකරණයේදී මන්ත‍්‍රීවරයාට අද (22) භාරදෙනු ලැබුවා.
ඒ, සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. ශ‍්‍රී ලංකා කම්කරු කොංග‍්‍රස් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් පිළිබඳ සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
අදාළ චෝදනා සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප දෙකක් ද මෙහිදී නියම කෙරුණා.
ඔහුගේ විදේශ ගමන්ද තහනම් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධියට අදාළ නඩුව ජූනි මස 27 වනදා යළි කැඳවීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඇමතිවරු කිහිපදෙනෙකුට දී තිබූ විශේෂ ආරක්ෂාව ඉවත් කෙරේ

Shiran Viraj

ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…

Shiran Viraj

රුපියල් 5000 දිමනාව නොනුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි අනී..

Shiran Viraj
Translate »