28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

දිඹුලාගල කැලයක ලක්ෂ ගණනක සතුන් සඟවාගෙන සිටි දෙදෙනෙක් අල්ලයි

කොහිලවත්තේ අශ්ව ගාලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු අශ්ව පැටවුන් දෙදෙනකු සමඟ සැකකරුවන් දෙදෙනකු දිඹුලාගල කැලයක සිටියදී අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසියට හැකිවී තිබෙනවා.
මෙයින් එක් අශ්ව පැටියකු වයස මාස එකහමාරක් පමණ වන අතර අනෙකා වයස අවුරුදු දෙකක පැටවකු බවයි වාර්තාවන්නේ.
අශ්වගාලේ අයිතිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ අවට ඇති විදුලි සම්ප්‍රේෂණ කුලුනක තාක්ෂණාධාරයෙන් අසුන් සඟවා සිටි ස්ථානය පිළිබඳ තොරතුරු ලබාගත් පොලිසිය අශ්වයන් සඟවා සිටි කැලය තුළ කරන ලද වැටලීමකදී අසුන් සමඟ සැකකරුවන් දෙදෙනා ද අල්ලාගෙන ඇති අතර ඉන් එක් අයෙකු සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයා දෙහිඅත්තකණ්ඩියේ පදිංචි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 50 ඉක්මවයි

Shiran Viraj

‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.

Shiran Viraj

128 බස් මාර්ගයේ වර්ජනයක්

Shiran Viraj
Translate »