mediahumanrights.lk
Local NewsNews

දිඹුලාගල කැලයක ලක්ෂ ගණනක සතුන් සඟවාගෙන සිටි දෙදෙනෙක් අල්ලයි

කොහිලවත්තේ අශ්ව ගාලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු අශ්ව පැටවුන් දෙදෙනකු සමඟ සැකකරුවන් දෙදෙනකු දිඹුලාගල කැලයක සිටියදී අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසියට හැකිවී තිබෙනවා.
මෙයින් එක් අශ්ව පැටියකු වයස මාස එකහමාරක් පමණ වන අතර අනෙකා වයස අවුරුදු දෙකක පැටවකු බවයි වාර්තාවන්නේ.
අශ්වගාලේ අයිතිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ අවට ඇති විදුලි සම්ප්‍රේෂණ කුලුනක තාක්ෂණාධාරයෙන් අසුන් සඟවා සිටි ස්ථානය පිළිබඳ තොරතුරු ලබාගත් පොලිසිය අශ්වයන් සඟවා සිටි කැලය තුළ කරන ලද වැටලීමකදී අසුන් සමඟ සැකකරුවන් දෙදෙනා ද අල්ලාගෙන ඇති අතර ඉන් එක් අයෙකු සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයා දෙහිඅත්තකණ්ඩියේ පදිංචි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

Related posts

ලිපි හුවමාරුවෙන් උතුරු පළාත් සභා අවුල තවත් වැඩි වෙයි

Shiran Viraj

දැවැන්ත අර්බුදයක්.. රට වැසීමෙන් ආර්ථිකය -16.7යි.. දිනක පාඩුව බිලියන 40ක්..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි..

Shiran Viraj

අරගල කාලේ ගිය ආණ්ඩුවේ අය තමන්ම නිවාස ගිනි තියාගෙන වන්දි ගත්තා..

Shiran Viraj
Translate »