mediahumanrights.lk
Local NewsNews

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජලයෙන් යට වී ඇති ස්ථාන පිළිබඳව දැනුම් දෙයි

දක්ෂිණ අධිව්ගී මාර්ගයේ ගොඩගම පිවිසුම මෙන්ම තවත් පිවිසුම් කිහිපයක් ද මේ වනවිට අවහිර වී පවතිනවා.
අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂ එස්  ඕපනායක සඳහන් කළේ ගංවතුර තත්ත්වයන් අධිවේගී මාර්ගයට පිවිසීම හේතුවෙන් මෙම තත්ත්වයන් ඇති වී තිබෙන බවයි.
ජල මට්ටම අඩි දෙක දක්වා ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් මාතර සිට පැමිණෙන වාහන වැලිපැන්නෙන් හැරවීමට කටයුතු කර ඇති බවත් දොඩම්ගොඩ හුවමාරුවෙන් කළුතර දෙසට වාහන ගමන් කිරීමේ ගැටළුවක් පැණ නැගී ඇති බවත් පෙන්වා දුන්නා.
ඒ අනුව දොඩම්ගොඩ – කළුතර මාර්ගයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවී ඇති බවත් සඳහන් කළා.
කොළඹ සිට පැමිණෙන වාහන ගැලනිගම හුවමාරුවෙන් පිටවී විකල්ප මාර්ග භාවිතා කිරීමට උපදෙස් ලබා දෙන බවත් සඳහන් කළා.
රට පුරා සාමාන්‍ය මාර්ග බොහෝමයක ද වාහන ධාවනයට තවදුරටත් බාධා පවතිනවා.
(under the courtesy of nethfm news web)

Related posts

සාරා ජැස්මින් මියගොස් නැති බව තහවුරු වෙයි – ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමට රජය සූදානම්

Shiran Viraj

මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..?

Shiran Viraj

එක් අවුරුදු සිඟිතියට වධ හිංසා කරලා- පියා අත්අඩංගුවේ

Shiran Viraj
Translate »