mediahumanrights.lk
Local NewsNews

තම පාසලේ ම සිසුවිය ගැබිනියක් කළ ගුරුවරයා

තමා උගන්වන ලබන පාසලේම 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කර ගැබිනියක් බවට පත් කළ බව කියන ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙනවා.
සැකකාර ගුරුවරයා තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.
මෙම සැකකාර ගුරුවරයා මෙම ශිෂ්‍යාව සමඟ වසර 02ක කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි අධිකරණයේ දී අනාවරණය වුනා.
ඔහු ඇයව සිය මෝටර් රථයේ හා යතුරු පැදියේ නංවාගෙන හෝටල් කාමර වෙත රැගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පසුගිය මාර්තු 30 වන දා ඔහු දැරියට කියා ඇත්තේ පාසල නිම වූ පසු පාට ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසයි.
එසේ කළුතර නගරයට පැමිණි පසු ගුරුවරයා, දැරියව මෝටර් රථයේ නංවාගෙන ඔහුගේ නිවාස වෙත ගෙනගොස් ඇති අතර එවිට නිවසේ සිට ඇත්තේ ඔහුගේ දරුවන් තිදෙනා පමණක් බව ද දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
මෙම ගුරුවරයාගේ දරුවන් අතර දැරියට ආසන්න වයසේ දරුවකු සිටින බවට ද අනාවරණය වී ඇතැයි සඳහන්.
එදින එම දරුවන් උඩු මහලට යැවූ ගුරුවරයා සිය සිසුවිය සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු  බවද ඇය පොලිසියට සඳහන් කර තිබෙනවා.
පසු දිනක දැරිය ගුරුවරයාට පවසා ඇත්තේ තම ශරීරයේ වෙනසක් දැනෙන බවයි.
පසුව ඉකුත් මැයි මස 06 වනදා ඔහු සිය බිරිඳ සමග පැමිණ කුප්පියකට සිය මුත්‍රා සාම්පලයක් රැගෙන ගිය බවද දැරිය පැවසූ බව පොලිසිය අධිකරණයට කියා ඇති බව සඳහන්.
ඒ අනුව තමා ගැබ් ගෙන ඇතැයි ඉන් දැනගත් බව ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ජනපති එන්න පෙර පරික්ෂා කරන විට 'බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින්' ආයුධ හමුවේ

Shiran Viraj

උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූ වගාහානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් කැඳවයි

Shiran Viraj

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

Shiran Viraj
Translate »