mediahumanrights.lk
International NewsNews

කාන්තාවන්ට ජංගම දුරකථන තහනමක්

කාන්තාවක් ප්‍රසිද්ධියේ ජංගම දුරකථන භාවිත කර හසුවුව හොත් රුපියන් විසිඑක් දහසක දඩයක් පැනවීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගමක බලධාරීන් තීරණය කර තිබෙනවා.
කාන්තාවක් ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරද මත්පැන් භාවිතය / සුදුව සහ ගව ඝාතනය වැනි වරදවල් යටතේ ගැනෙන බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.
පසුගිය අගහරුවාදා මෙම නීතිය පනවා ඇති අතර ග්‍රාම සභාවක් මගින් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ග්‍රාමය තුල සිටින කාන්තාවන් බොහෝ පිරිසක් නුගත් වන අතර ඔවුන්ට ජංගම දුරකථනයක් භාවිත කිරීමට කිිසිදු අවශ්‍යතාවක් ද නොමැති බවයි.
ඕනෑම දෙයක් තම සම්ප්‍රදායන්ට අනුකූලව සිදුවිය යුතු බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.
කාන්තාවන්ට ජංගම දුරකථන භාවිතයට තහනමක් පැනවීම තුලින් මෙම ගම්වැසියන්ගේ අපේක්ෂාව වී ඇත්තේ තරුණියන් පිරිමින් සමග පවතින සබඳතාවලට බාධා මතු කිරීම  බවයි ඉන්දීය ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

රනිල් තනිවෙයි..එජාපයෙන් පලුවක් ගැලවෙයි.”දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් අලුත් පක්ෂයක්

Shiran Viraj

කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් ලංකාවට නෑ.. අප එය පාලනය කලා..

Shiran Viraj

මනුෂ නානායක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට.. ලේකම් පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්..

Shiran Viraj
Translate »