mediahumanrights.lk
Local NewsNews

ඇඟිලි සලකුණ අනිවාර්යයි

රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම හා පිටවීම සනාථ කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම ලබන ජූලි මස පළමුවැනිදා සිට අනිවාර්ය කර තිබෙනවා.
ඒ බව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ සංස්ථා ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම්දුන් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කළේ.
සියලුම රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කර යුතු බවට මෙවර අයවැය මගින් ද යෝජනා වී තිබුණා.
කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි කියා සිටියේ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කරන ලෙසට මීට පෙර දැනුම්දී තිබුණ ද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නැවත චක්‍රලේඛයක් මගින් ඒ බව දැනුම්දුන් බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

අරාබි සාගරයේ මුර සංචාරය කරන ඕස්ට්‍රේලියානු යුද නෞකාව සොයා ගත් දේ

Shiran Viraj

දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයි

Shiran Viraj

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

Shiran Viraj
Translate »