mediahumanrights.lk
Local News News

හලාවත මුහුදේ ඡායාරූප ගනිමින් සිටි කාන්තාවන් 4 දෙනෙකු රළ පහරට හසුවේ

හලාවත මුහුදු වෙරළේ රළ පාගමින් සිටි කාන්තාවන් 4 දෙනෙකු ඊයේ සන්ධ්‍යාවේ ප්‍රචණ්ඩ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
ඔවුන් මුහුදු වෙරළට පිටුපා ඡායාරූප ගනිමින් සිටි බවයි වාර්තා වන්නේ.
එක් වරම පැමිණි රළ පහරින් ඔවුන් හතර දෙනාම ගසාගෙන ගොස් ඇති අතර, පසුව ඉන් තුන් දෙනෙකු බේරා ගැනීමට හැකි වුණා.
එහෙත් 21 හැවිරිදි තරුණියක් තවමත් අතුරුදන් වී සිටිනවා.
මොවුන් හලාවත – ඉලිප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
අතුරුදන් වූ තරුණිය සොයා පොලීසිය, කල්පිටිය නාවික හමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Related posts

කෝලි..යුවරාජ්..ශුරයන්ගේ කුසලාන 'අවසන් තරගය පාවා දුන් බවට' චෝදනා

Shiran Viraj

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතිය

Shiran Viraj

රට පුරා ගෑස් පිපිරෙනවා.. රටම යලි මරණ බියෙන්..

Shiran Viraj