දුවගේ අබාධිත තත්ත්වය නිසා පුංචි කාලේම අම්මයි තාත්තයි ළමා නිවාසයට භාර දීලා….
අත පය හතර තියාගෙන සමාජයේ නාස්ති වෙන දරුවන්ට මේ දරුවා හොඳ ආදර්ශයක්….
මාවනැල්ල ළමා නිවාසයක කල් ගෙවන දෑස් වලට කඳුළු පිරෙන අහිංසක දියණියක් පිළිබඳව වාර්තාවනවා.මෙම දරුවාට බොහෝ දෙනෙකුගේ අවදානය මේ වන විට ලැබි ඇති අකාරය දැකගැනීමට හැකිවුණා.
මාවනැල්ල අශෝක පුර ළමා නිවාසයේදි අතක් අහිමිව තිබෙන අතත් ආබාධිත පාද දෙකත් යම් යම් කායික ආබාධ වලට ලක් දියණියකගේ සංවේදි ඡායාරූප පෙළක් සහ ඇයගේ දැන් ජීවිත කථාවයි මේ.
එවන් කායික ආබාධිත වලට ලක් වුවත් ඇය ඉතා සතුටින් ජීවත් වනවා. ඒ සඳහා කාරුණික වු මව්පියන් වාගේ ඇයට උපස්ථාන කරන ළමා නිවාසයේ පාසලේ විදුහල්පති තුමිය හා අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් තමන්ගේම දියණියක් ලෙස මෙම අබාධිත දියණියද මලක් මෙන් රැකබලාගන්නවා.
පසුගියදා එක්තරා තරුණ කණ්ඩායමක් මේ ළමා නිවාසයේ සිටින 100 කට අධික විවිධ කායික අබාධිත සහිත දරුවන්ට දාන වෙලක් දිමට සැලසුම් කර තිබෙනවා.
ළමා නිවාසයේදිම දරුවන් වෙනුවෙන් දාන වේල සකස් කොට අවසන් වීමෙන් පසුව එම දරුවන් එය පිළිගැනිමට සිය ආහාර සකස් කර ඇති කෑම කාමරයට පැමිණෙන්ට ළමා නිවාසයේ ඝණ්ටාර හඩ ඇසෙද්දි ළමා නිවාසයේ දරුවන් සිනා මුසු මුහුණින් ක්‍රමයෙන් ආහාර අනුභවය සඳහා පැමිණෙන අතර අප කියන ඉහත කායික අබාධිත පුංචි දියණිය කාගෙවත් උදව්වක් නැතිව සිය සෙල්ලම් කරත්තය මත නැගි ආහාර අනුභව කිරිම සඳහා පැමිණෙන අන්දම දකිද්දි එහි සිට බොහෝ දෙනෙකුගේ ඇස් වලට කදුළු පිරෙන දර්ශණයක් වී තිබෙනවා.
එහි විදුහල්පති තුමියට මේ දියණිය කතා කරන්නේ අම්මා කියලයි. ‘‘ අම්මා මට බත් කවන්නකෝ ’’ කියමින් විටක ඇය හුරතලයට පවසනවා.
මෙම දියණියගේ අම්මා නොවුනත් ඇය සිතාගෙන ඉන්නේ මේ ඇයගේ අම්මා කියලයි. ඒ නිසාම මේ දියණිය ගැන ළමා නිවාසයේ විදුහල්පතිනිය වන ඒ.එස් සිරිවර්ධන මහත්මිය පැවසුවේ මෙවන් දෙයක්
“මේ පොඩි දුවගේ නම තමයි සවීනා සාවින්දි. මෙයා ඉපදිලා තියෙන්නේ මාතර. මේ දුවගේ අබාධිත තත්ත්වය නිසා මෙ දුවගේ අම්මායි තාත්තායි මෙ දුවට මාස දෙකක් වෙද්දි අපේ වත්තල, හැඳල ප්‍රීතීපුර ළමා නිවාසයට භාර දීලා තිබුණා. ඒ දුව එම නිවාසයේ ඉන්නකොට තමයි පුෂ්පා රමණි, නිරෝෂා කියන මහත්මියන් දෙන්නා තමයි කවලා පොවලා මෙ දුව හදලා වඩලා තියෙන්නේ.
ප්‍රීතිපුර මේ දුව අවුරුදු එක හමාරකදි වාගේ කාලයේදි පොඩි කාර් වල උඩ නැගලා ඒවායේ යන්න එන්න පටන් අරන් තියෙනවා. ඊට පස්සේ තමයි මෙයා මේ සෙල්ලම් බඩු වලට නැගලා ඇවිදින නිසා පොඩි පොඩි උපකරණ හදලා දිලා තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු දෙක හමාරේදි වාගේ කාලයේදි තමයි පොඩ්ඩක් අඩිය ගහලා ඇවිදින්න පුළුවන් වුනේ. ඊට පස්සේ තමයි මේ දුවගේ දැන් වාහනය අපි දුන්නේ දැන් එක උඩ පපුවතියා ගෙන එක අතකින් අල්ලාගෙන කකුල් දෙකෙන් බැලන්ස් කර ගෙන ඕනෑ තැනක හොඳට යනවා එනවා. හෙලක් දැක්කොත් ඒ හෙළේ ඉතාම පරිස්සමින් ගමන් කරනවා. පුංචි වුනාට අනතුර කියන එක හොඳට හදුනනවා. බෑවුම පල්ලම එයාගේ වාහානයෙන් එයා පරිස්සමින් යනවා.
ඉතින් මේ අපේ දුවට හරි සන්තෝෂයි හැමතැනම ඇවිදින්න පුළුවන් කියලා. දැනට වුනත් මෙ වාහනයෙන් තමයි අපේ ළමා නිවාසයේ හැම තැනම යන්නේ එන්නේ. හොඳට කියන දේ අහලා සතුටින් ඉන්නවා අනිත් දරුවන් එක්ක සෙල්ලම් කරන්න හරි කැමැතියි. බොනික්කෝ නලවන්න සෙල්ලම් ගෙවල් හදලා කෑම උයන්න කියන්න අපේ මෙහේ තියන පාසලේ වැඩ වුනත් හොඳට කරනවා. දැන් වයස අවුරුදු හතර හමාරක් වෙනවා.
මේ දුවගේ මට්ටමේ හැටියට චිත්‍ර ඇඳීම, ගීත ගායනා කිරිම කවි කථා වාගේ දේවල් වුනත් හොඳට අනිත් දරුවන් වාගේම සිදු කරනවා. ඉතින් මං හිතනවා අනාගතයේ දවසක හොඳට ඉගෙන ගෙන හොඳ තැනක වැජඹෙයි කියලා. මෙ දුව අපේ ළමා නිවාසයට අවේ මාර්තු 6 වැනිදා.
ඒ වාගේම තමයි අපේ පාසලේ ළමා නිවාසයේ මෙන්ම සමස්ත ලංකා මට්ටමින් චිත්‍ර ඇඳලා දක්ෂතා පෙන්වපු දිනුෂා බණ්ඩාර දියණියත් මේ ළමා නිවාසයේ ඉන්න කාගෙත් කථා බහට ලක් වෙන දියණියක්. මෙ පුංචි දියණියත් දවස් 7 ඉඳලා මෙහේ හිටපු දරුවෙක්. ප්‍රීතිපුර ළමා නිවාසයෙන් තමයි අපේ ළමා නිවාසයේ අධ්‍යාපන කටයුතු වලට යොමු කරලා තිබුණේ. දැනට මේ දියණිය 4 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා.
ඉතින් හොඳින් එයා වැඩ කටයුතු ටික කරගෙන යනවා. මේ දුවනම් කාගේ හරි උදව් ඇතිව තමයි බොහෝ කටයුතු කරගන්නේ. කායික අබාධිත තත්ත්වය නිසා කටින් තමයි මේ දුව චිත්‍ර අදින්නේ ඒ වාගේම සියලුම අධ්‍යාපන කටයුතු ලියන කියන කටයුතු කරන්නේ.
අනික් දරුවන් සරඹ කරනකොට එයාත් එයාගේ අඟ පසඟ හැකි පමණින් යොදවලා සරඹ කරනවා. කම්මැලි කමක් නැතිව හොඳට සතුටින් ළමා නිවාසයේ ඉන්නවා. හැමොත් එක්කම සතුටින් ඒ කටයුතු සිදු කරගෙන යනවා.
අත් පා හතර තියාගෙන අඩුපාඩු කියමින් රට වෙනුවෙන් වැඩ නොකරන මිනිස්සු මෙන්ම සමාජයේ නාස්ති වෙන දරුවන්ට මේ පාසලේ දරුවන් ආදර්ශයක්.
(under the courtesy of hirunews news web)