mediahumanrights.lk
News Sports Sports News

තිලංගගෙන් සූරියවැව ක‍්‍රීඩාංගණයට කොළ එළියක්

සිම්බාබ්වේ සහ ශ‍්‍රී ලංකාව අතර එක්දින ක‍්‍රිකට් තරග 03ක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
තිලංග සුමතිපාල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිළධාරීන් පිරිසක් ඉකුත්දා එම ක‍්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.
ක‍්‍රිඩාංගණයේ අඩුපාඩු සකස් කර යලි අන්තර්ජාතික තරග සඳහා සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රිඩාංගණය යොදා ගැනීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.
ඉකුත්දා මෙම ක‍්‍රීඩාංගණයට එල්ල වූ වන අලි ප‍්‍රහාරයකින් ක‍්‍රීඩාංගණයේ දේපළවලට අලාභ හානි ද සිදුවුණා.
මෙම ක‍්‍රීඩාංගණයේ අවසන් වරට එක්දින තරගයක් පැවැත්වුණේ 2015 වසරේ ජූලි මාසයේදීයි.
ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 05ක්  පැවැත්වීමට නියමිත අතර ඉන් අවසන් තරග 03 හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

විදුලිය විසන්දි කල වදුරා ගැන ආයෙ අහන්න එපා.. ඒක ඉවරයිනෙ..- නලින්ද

Shiran Viraj

ලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයි

Shiran Viraj

සුපිරි අධිවේග මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

Shiran Viraj