mediahumanrights.lk
Local NewsNewsPolitical

ඇමති සංශෝධනය නිසා පාර්ලිමේන්තුවත් වෙනස් වෙයි – ඇමති මාරපනට ආණ්ඩුවේ ඉදිරිපෙළ අසුනක්

ජාතික ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමග පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේද වෙනසක් සිදුව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී කාර්යාලය ප‍්‍රකාශ කළේ මන්ත‍්‍රීවරයෙකුව සිට සංවර්ධන කාර්යයන් පිලිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් තිලක් මාරපනට ඉදිරිපෙළ අසුනක් ලබා දෙන බවයි.
මීට පෙර ඔහු අසුන් ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රිවරයෙකු ලෙසයි.
අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග ඔහුට ආණ්ඩු පක්ෂයේ දෙවන පෙළ අසුනක් වෙන් කරන බව වේත‍්‍රධාරි කාර්යාලය සඳහන් කළා.
එලෙස වෙන් කිරිමත් සමග සෙසු මන්ත‍්‍රී ආසන පැනවීම් ද සුළු වශයෙන් වෙනස් වනු ඇති.
තිලක් මාරපන මීට පෙර නීතිය හා සාමය සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
එම කාලයේ ඔහුට ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුනක් වෙන් කර තිබුණ ද අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමග ඔහුට පසුපෙළ අසුනක් වෙන් කෙරුණා.
මේ අතර, අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දිවුරුම් දුන් අමාත්‍යවරුන් ඉදිරි දිනවලදී සිය අමාත්‍යංශවල වැඩ බාර ගැනීමට නියමිතයි.
නව අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ඉදිරි දින 05 ඇතුලත ගැසට් කිරීමට නියමිතයි.
දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් සතු විෂය පථයන් කිහිපයක් ද නව අමාත්‍යවරුන් වෙත ලබා දීමට නියමිත බව වාර්තා වනවා.

Related posts

එදා රේඩියෝ ටීවී නෑ.. ගැමියෝ ජන ගී කියමින් වන්දනාවේ ගියා..

Shiran Viraj

ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…

Shiran Viraj

KDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…

Shiran Viraj
Translate »