28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

හදිසි විදුලි බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ යන්ත්‍රයක්

ප‍්‍රදේශ කිහිපයකට අද (17) අලුයම සිදු වූ විදුලි බිඳ වැටීම මේ වනවිට යථාවත් කර තිබෙනවා.
ඒ පිළිබඳ කරුණු දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් පළමු යන්ත්‍රයේ මෙලෙස තාක්ෂණික දෝෂයක් හටගත් බවයි.
මේ නිසා රත්නපුර, මතුගම, කොටුගොඩ, මාතර, අතුරුගිරිය, සපුගස්කන්ද, කොස්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීමක් සිදු වූ බවත් පැවසුවා. මේ වන විට විදුලිය යතාතත්ත්වයට පත්ව ඇති බවත් සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

හානි වූ මුදල් නෝට්ටුවලට මහ බැංකුව ගෙවන්නේ නැහැ

Shiran Viraj

රෝහින්ග්‍යා සරණාගත දැරිය දූෂණය කළ "පොලිස් කොස්තාපල්" ගල්කිස්සේ ගැටුමෙන් මතු වූ හැටි

Shiran Viraj

‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..

Shiran Viraj
Translate »