mediahumanrights.lk
Local NewsNews

වෛද්‍යවරුන් අද වැඩවරයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.
ඒ අනුව උදෑසන අටේ සිට පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කළේ.
ඒ සඳහා වෘත්තිය සමිති 100 කට අධික සංඛ්‍යාවක් සහාය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නලින්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
එමෙන්ම, අද (07)ක්‍රියාමත්මක කිරිමට නියමිත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කොළඹ දිසා අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කලා.
මේ අතර, වැටුප් විෂමතා ඉවත් නොකිරීම සහ සේවක මර්දනයට විරෝධය පළ කරමින් ලංකා විදුලි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ දීපව්‍යාප්ත එක්දින සංකේත වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.
මේ අතර, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරී සංගමය හා කාර්මික නිලධාරී සංගමය ගෙන ගිය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය සාකච්ඡා මගින් විසඳාගෙන තිබෙනවා.
මාස දෙකකට පමණ ආසන්න කාලයක් ඔවුන් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වූ බවයි එම සංගමය සඳහන් කළේ.
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙලෙස අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයි

Shiran Viraj

අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..

Shiran Viraj

"බුදුන්ගේ පච්චය තියෙන්නේ ඕන ඉණට ඉහළින්ආ..යෙත් ලංකාවට ගියොත් කරදර කරන්න පිරිසකුත් ඉන්නවා" – අධිකරණයෙන් වන්දි දුන් සුදු කත කියන කතාව

Shiran Viraj
Translate »