2026-01-22
mediahumanrights.lk
Local NewsNews

වාහන පිපිරවීමට සමත් LTTE අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

වවුනියාව උක්කුලාන්කුලම් ගෙවත්තක වල දමා තිබූ වාහන පිරිරවීම සඳහා යොදා ගන්නා කිලෝ 15 යි ග්‍රෑම් 150ක බරින් යුත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බහලුමක් හමු වූ බව වවුනියාව පොලසිය පවසනවා.
නිවැසියන් ගෙවත්තේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවී තිබෙනවා.
වාහන පිපිරවීම සඳහා රැගෙන එන ලද බවට සැක කෙරෙන මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, කොටි සංවිධානය විසින් නිෂ්පාදිත එකක් බවයි සැක කෙරෙන්නේ. ඒ අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය කැප්ටන් බවාන් නැමැති බෝම්බයට සමාන පුපුරණ ද්‍රව්‍ය ලෙසද හඳුනාගෙන තිබෙනවා.
මෙම පුපුරණ ද්‍රව්‍ය සක්‍රීය තත්ත්වයේ පවතින පුපුරණ ද්‍රව්‍ය බවද පොලිසිය තහවුරු කළා.
(under the courtesy of adaderana news web)

Related posts

ඉරාකයේ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 ක් මරුට

Shiran Viraj

ඩොලරය 340 සීමාවට පනී..

Shiran Viraj

වාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්…

Shiran Viraj
Translate »