31.1 C
Colombo
2026-03-01
mediahumanrights.lk
Local NewsNewsPolitical

මැයි දිනයට ගෝල්ෆේස් එන්න.. නැතිනම් කැම්බල් හෝ ගැටබේ යන්න..- බැසිල් අමුතු කතාවක් කියයි

ආණ්ඩුව විසින් ගෙනියන ජනාතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කිරීමට ආණ්ඩුවට විරුද්ධ සියලු පාර්ශවයන් අත්වැල් බැද ගත යුතු බවත් එහි විශාලතම ආණ්ඩු විරෝධී ජනතා මැයි රැලිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවර කොළඹ ගෝල්ෆේස් පිටියේ පවත්වන බවත් එකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ මෙන්ම ශ්‍රීලංකා පොදු ජන පක්ෂය හා වෘත්තීය සමිති 150 ක් පමණ මෙම දැවැන්ත ආණ්ඩුවට එරෙහි මැයි රැලියට එක් වෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.
සෑම අංශයකින්ම රටේ අහිංසක ජනතාව පිඩාවට පත් කරන මේ ආණ්ඩුව පලාත්පාලන මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුලින් පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ සිට පැවත එන ග්‍රමා රාජ්‍ය හරහා ගොඩනැගුණු ගම්සබා ක්‍රමය පසුව ප්‍රදේශිය සභා නගර සභා බවට පත් වූන පලාත් පාලන ආයතන සඳහා වසර දෙකක් සිට මැතිවරණ නොපැවත්වීමට විරෝධය පෑම ද මෙහිදී ප්‍රදර්ශනය කරනු ඇත. එමෙන් මෙම මැයි රැලිය හරහා එජාප-ශ්‍රිලනිප හවුල් ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළට විරෝධය දැක්වීමට මෙම මැයි රැලිය වේදිකාවක් කර ගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කලහ.
එලබෙන මැයි දිනය සම්බන්ධව දැනුවත් කිරීමමේ දිවයින පුරා පැවත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් පසුගිය දා කලුතර දොඩම්ගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකදි බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේ ය.
(under the courtesy of lankacnews news web)

Related posts

විදුලි බිල වැඩි වෙයි? – අලුත් ක්‍රමවේදය මෙන්න

Shiran Viraj

අපට IMF ණය අරන් දුන්නා ස්තුතියි..- පකිස්තානය ජනපති රනිල්ට තුති පුදයි..

Shiran Viraj

අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..

Shiran Viraj
Translate »