mediahumanrights.lk
Local NewsNews

බක්පුර පසලොස්වක පොහොය දිනය අද

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිදු වූ බක්පුර පසලොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා.
බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් අභිනිෂ්ක‍්‍රමණය කිරීම සඳහා හේතු වූ සතර පෙර නිමිති දැකීම ඇතුළු ශාසනික ඉතිහාසයේ තවත් වැදගත් සිද්ධීන් රැසක් අද වන් බක් පුර පසලොස්වක පොහෝ දිනකදී සිදුව තිබෙනවා.
මේ අතර බක්පුර පසලොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ්. එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන අද දවස පුරා පඬුවස්නුවර දිග්ගලගෙදර ශ‍්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
අද උදෑසන 6.00 ට ආරම්භ කෙරෙන මෙම පිංකම් මාලාවේ විශේෂ ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, පොහෝදා සජීවි ධර්ම සාකච්ඡාවක් ඇතුළු වැඩසටහන් රැසක් සිදු කෙරෙනවා.

(under the courtesy of nethfm news web)

Related posts

අසේල ගුණරත්නට සාජන්ට් මේජර් ලෙස හමුදා උසස්වීමක්

Shiran Viraj

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

Shiran Viraj

අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..

Shiran Viraj
Translate »