mediahumanrights.lk
Local NewsNews

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ අල බෝලේ අධිකරණයට

කළුතර උතුර එතනමඩල ප‍්‍රදේශයේ දී රැඳවියන් ප‍්‍රවාහනය කළ බන්ධනාගාර බස් රථය දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සඳහා අධාර අනුබල ලබා දීම හා සැකකරුවන්ට සැගව සිටීමට වාසස්ථාන ලබා දීම යන චෝදනා සම්බන්දයෙන් රත්මලාන ප‍්‍රදේශයේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
වෙඩි තැබීමේ සිද්ධිය සංවිධාන කිරීම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන ජංගම දුරකථන 02ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු විසි හතර හැවිරිදි කඹුරුගමුව,මාතර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු අද කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපබත් කිරීමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

Shiran Viraj

විල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..

Shiran Viraj

විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයට

Shiran Viraj
Translate »