mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

සතුටුයි! මගේ ජීවිතේ හොඳම සංචාරයක්

බංග්ලාදේශ කණ්ඩායම ඉකුත්දා ශී‍්‍ර ලංකාවේ සිදුකළ සංචාරය පුහුණුකරුවෙකු ලෙස තමාගේ ජීවිතයේ හොදම සංචාරයන්ගෙන් එකක් බව බංග්ලාදේශ කි‍්‍රකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.
තරගාවලියේදී තම කණ්ඩායම දැක්වූ දක්‍ෂතා 2015 ලෝක කුසලානයේදී දැක්වූ දක්‍ෂතාවලට සමාන බවයි ඔහු පවසා ඇත්තේ.
එක්දින, ටෙස්ට් සහ පන්දුවාර විස්සයි විස්ස යන තරගාවලි තුනම ශී‍්‍ර ලංකාවේදී ජය පරාජයකින් තොරව නිමකර ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවද හතුරුසිංහ පවසා තිබෙනවා.
ශී‍්‍ර ලංකා සංචාරය, කණ්ඩායමේ ආකල්ප වර්ධනයට ප‍්‍රබල ලෙස බලපෑ සංචාරයක් ලෙසටයි ඔහු හදුන්වා දී ඇත්තේ.
ඉකුත්දා නිමාවූ ශී‍්‍ර ලංකා සංචාරය හා එළඹෙන ශූරයින්ගේ කුසලානය පිළිබද අදහස් දක්වමින් ඔහු මෙම කරුණු අනාවරණ කළා.
ශූරයින්ගේ කුසලානයේදී බංග්ලාදේශය තරග වදින්නේ එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය සමගයි. එය ප‍්‍රබල අභියෝගයක් බවත් ඊට මුහුණදීමට කණ්ඩායම සූදානම් බවත් චන්දික හතුරුසිංහ වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

රටවල් 06ක් එකතු වෙලා ජගත් ජයසූරියව හිර කරන්න යයි

Shiran Viraj

ආණ්ඩුව පෝය දිනයන්හි පවා තැබෑරුම් විවෘත කිරීමේ උත්සාහයක – මහින්ද රාජපක්ෂ

Shiran Viraj

චීනය ණය ප‍්‍රතිව්‍යුහගත නොකලොත් IMF ණය දෙන්නේ නෑ.. එවිට අර්බුදය බොහෝ කල් පවතීවි..- IMF BBCයට කියයි..

Shiran Viraj
Translate »