26 C
Colombo
2024-07-08
mediahumanrights.lk
Entertainment Entertainment News News

සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?

අවුරුදු කාලෙ නිසා සචිනිට වැඩ වැඩිලු නේද?
ඔව්. මේ දවස්වල කාර්යබහුලයි. අවුරුදු උත්සවවල අවුරුදු කුමරිය තරග විනිශ්චය කරන්න ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ නිසා ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා.
රංගනයට දිග විරාමයක් තිබ්බ සචිනි ආයෙත් රංගන කටයුතු පටන් ගත්තා කියලත් ආරංචියි?
ඔව්. මම ගිය සතියේම සේනක විජේසිංහගේ ‘මේඝ’ චිත්‍රපටයේ රූගත කිරීම් එක්ක හිටියේ. බුඩිගේ රූමස්සල කියන ටෙලි සීරිස් එකෙත් රූගත කිරීම් කළා.
කාලයක් හිනඬ වෙලා හිටියට අධ්‍යක්ෂවරුන්ට සචිනිව අමතක වෙලා නෑ වගේ?
මම ගෙදර හිටිය කාලෙත් මට ගොඩක් වැඩවලට ආරාධනා ලැබුණා. මම තමයි යන්නෙ නැතිව හිටියේ. ඉතිං මගේ දෙවැනි බබාටත් අවුරුදු තුනක් වෙන නිසා මට දැන් වැඩ කරන්න පුළුවන්.
ලංකාව නියෝජනය කරලා ජාත්‍යන්තරයට ගිය නිසා දැන් සචිනිට ලැබෙන වටිනාකම වැඩි වෙලාද?
මම ජාත්‍යන්තර පැජන්ට් එකක් නියෝජනය කරන්න හොලිවුඩ් ගියේ. ඒක ලොකු චැලේන්ජ් එකක්. ගොඩක් අය ඒක ඇගයුවා. දැන් ජුනියර් අය මගෙන් උපදෙස් ගන්නවා වැඩියි. ප්‍රවීණ, තරුණ භේදයක් නැතිව මාව අගයන එක මට සතුටක්.
ජාත්‍යන්තරයට ගිය සමහරු අධිමානයක් ඇති කරගත්ත අවස්ථා අපි දැකල තියෙනවා. සචිනිත් එහෙමද?
නැහැ. මට දේවල් ලැබුණා කියලා මම ආඩම්බර වුණේ නැහැ. ආඩම්බර වුණා නම් මිනිස්සු මං ළඟට එන්න, මාත් එක්ක කතා කරන්න බය වෙනවා. ඒ නිසා මම ආඩම්බර නෑ වගේ පෙන්වන්න තමයි උත්සාහ කළේ.
ඇත්තටම සචිනි ආඩම්බර නැද්ද?
මම ඕනවට වඩා කතා කරන කෙනෙක් නෙමෙයි. සමීප නැති අය අතරෙදි මම නිශ්ශබ්දයි. හැබැයි මගේ යාළුවෝ අතරෙදි මම එහෙම නැහැ. වැඩිපුර කතා නොකරන නිසා මම ආඩම්බරයි කියලා සමහරු හිතනවා ඇති.
ඒ කියන්නේ නොදන්න අයට සචිනි ලොකු සීන් දානවද?
මම ඒක හිතලා කරන දෙයක් නෙවෙයි. මම පොඩි කාලෙ ඉඳන් එහෙමයි. මම සමහරු එක්ක මුහුවෙනවා අඩුයි. ඒ නිසා ලොකු සීන් කියලා සමහර අයට පේනවා ඇති.
සචිනි රිදී රැයක් ප්‍රසංගය එක්ක ලොකු කාලයක් ඉන්න කෙනෙක්. රිදී රැයක් තුළ චාන්ස් ලැබෙන්නේ යාළුකම්වලට කියලා සමහරු කියනවා සචිනිටත් එහෙම හිතෙනවද?
මම චිත්‍රපටවලින් සම්මාන ගත්ත කෙනෙක්. ඉතිං විශේෂ අයට රිදී රැයක් තුළ ඉඩ ලැබෙනවා. මම රිදී රැයක් ප්‍රසංගයට සම්බන්ධ වුණේ ‍ෙදාළොස්වැනි වතාවට. දීර්ඝ කාලයක් එකට වැඩ කරද්දී යාළුකම් ඇති වෙනවා. නමුත් යාළුකම්වලට අවස්ථා ලැබෙන්නේ නෑ. උදාහරණයක් විදියට පසුගිය රිදී රැයක් ප්‍රසංගයේදී මට ප්‍රධාන නර්තනයක් ලැබුණේ නැහැ. මට තවත් ‍ෙදාළොස් දෙනෙක් එක්ක නර්තනයක් ඉදිරිපත් කරන්න ලැබුණේ. මම විතරයි තනි නර්තනයක් ඉදිරිපත් නොකළේ. මට නම් එහෙම හැඳුනුම්කම්වලට අවස්ථා ලැබිලා නැහැ.
කැපිලි එනවා කියලා සමහරු රිදී රැයක් ප්‍රසංගයෙන් අයින් වෙලත් තියෙනවා. සචිනිට මේ සිදුවුණේ කැපිල්ලක්ද?
ඕන තරම් නළු නිළියෝ රිදී රැයක් ප්‍රසංගයෙන් අයින් වෙලා තියෙනවා. එයාල හිතන්නේ ඉබචඨඥ ර්ථීඥපටධපථචදජඥ එක ගැන විතරයි. නමුත් මේ ප්‍රසංගයෙන් වෙන සේවය අමතක කරලා ඒ වගේ අයින් වෙලා යන්න තීරණ ගන්න මම ආත්මාර්ථකාමී නැහැ.
අවුරුදු ‍ෙදාළහක් රිදී රැයක් ප්‍රසංගයේ හිටපු සචිනිට රියැලිටි වැඩසටහන්වලට ආරාධනා නැද්ද?
ආරාධනා ලැබුණා. නමුත් ඒ වැඩසටහන්වල පළමුවැනි කොටස් ටික ෂූට් කරද්දි මම හිටියේ ඇමෙරිකාවේ. ඒ නිසා මට ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න බැරි වුණා. මම රියැලිටිවලට සම්බන්ධ වෙන්නෙ නෑ කියලා තීරණය කරලා නැහැ. හිතුණොත් මම ඒවට සම්බන්ධ වෙනවා.
සචිනි බිරියක් මවක් වුණාට නිදහස නැති කරගෙන නැහැ. සචිනි ඒ නිදහස හදා ගත්තද? නැත්නම් ඒ නිදහස සැමියා ඔබට හදලා දුන්නද?
මම ඒ නිදහස හදාගත්තා. රංගනය කියන්නේ මම කැමැති දේ. ඕන කෙනෙක් තමන් කැමැති දේ කරන්න ඕන. විවාහ වුණා දරුවෝ හැදුවා කියලා රංගනය අතහැරල දාන්න මම කැමැති වුණේ නැහැ. ඒක ආත්මාර්ථකාමීකමක් නෙවෙයි. සැමියා වුණත් දරුවෝ වුණත් ඒක තේරුම් ගන්න ඕන. මම අවුරුදු දෙකක් ගෙදරටම වෙලා හිටියා. ඉතිං දැන් වුණත් මගේ වගකීම් ඉෂ්ට කරන ගමන් තමයි මම රංගන කටයුතුත් කරන්නේ. මම සතුටෙන් හිටියොත් තමයි මට හොඳ බිරියක් මවක් වෙන්න පුළුවන්. මගේ සැමියා මාව තේරුම් අරන් ඉන්නවා.
ඉදිරි වැඩ ගැනත් සැලසුම් ඇති?
ඔව්. මම මේ අවුරුද්දෙත් එධපතඤ ඛ්ඩචථනඪධද ඉඩඪන එකට යනවා. අංශ හයම සම්පූර්ණ කරන්න හිතාගෙන තමයි මම මේ සැරේ යන්නේ. ඊට අමතරව චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒකෙ රූගත කිරීම්වලටත් එකතු වෙන්න තියෙනවා. බබාලා දෙන්නගේ වැඩත්, රංගන කටයුතුත් කරගෙන ජීවත් වෙන්න තමයි සැලසුම් කරගෙන ඉන්නේ.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

Shiran Viraj

අවස්ථාවාදීන් එලවන හැටි ජනපති පවසයි

Shiran Viraj

හඳුනා නොගත් රෝගයක් මධ්‍යම පළාත් ගවයන් අතර පැතිරී යයි

Shiran Viraj