28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ශලනි තාරුකා කට කතාවලට පිළිතුරු දෙයි

සුපුරුදු ප්‍රශ්නයෙන්ම පටන් ගන්නම්,කොහොමද ශලනි ?
හොඳින් ඉන්නවා.
අලුත් අවුරුද්ද ජයයි ද?
අලුත් අවුරුද්ද නම් විශේෂයක් නැහැ. මට ගමේ යන්න බැරි වුණ නිසා මේ සැරේ අලුත් අවුරුද්ද සමරන්න නම් වුණේ නැහැ. ඒ දවස් ටික සාමාන්‍ය විදියට ගෙවිලා ගියා.
‘වස්සාන ප්‍රේමය’ ටෙලි නාට්‍ය අවසන් වුණාට තවමත් ප්‍රතිචාර වලින් නම් අඩුවක් නැතිලු. ඇත්තද මේ කතාව?
කතාව නම් ඇත්ත. ටෙලි නාට්‍ය විකාශනය වෙන කාලය දී ලැබුණු ප්‍රතිචාර අඩුවක් නැතිව තවමත් ලැබෙනවා.
සම්මානනීය නිළියක් විදියට රංගනයෙන් දායක වුණු චරිතත් එක්ක,ඔබට තව චරිත තියෙනවද රංගනයෙහි යෙදෙන්න ?
අම්මෝ ඔව්…..චරිත නම් ගොඩක් තියෙනවා. පිටපත තමා ප්‍රශ්නේ. මම ම පිටපත ලියලා, කරන්න වෙන්නේ. ප්‍රේක්ෂකයන් අාසාවෙන් ඉන්න චරිත ගොඩක් තියෙනවා. ඉතිං සමහර ඒවා නම් ඉදිරියේදී දැකගන්න පුළුවන් වෙයි. බලමුකෝ ඉස්සරහට.
මේ දිනවල ඔබගේ අලුත්ම ටෙලි සිත්තම විකාශනය වෙනවා.
ඔව්. ‘මුතුමලී’ නාට්‍ය විකාශනය වෙනවා. ඉදිරියේදී නම් ටෙලි නිර්මාණ 6ක් වගේ එන්න තියෙනවා. ලබන මාසේ විකාශනය වෙනවා ‘ලෝකාන්තරයෝ’ නවතම ටෙලි නාට්‍යයක්.
ශලනිගේ නමත් හිටි ගමන්ම ගොසිප්වලට යන්නේ ජනප්‍රියත්වය වැඩි නිසාද?
ඒක කියන්න බැහැ.
ළඟදි ගොසිප් සයිට් රාශියක ඔබේ නමත් එක් රංගන ශිල්පියෙක් සමඟ ඈඳිලා කටකතාවක් හැදුණා නේද?
කොහොමත් මට ඉතිං අහක යන කුණු තමා එන්නේ. මොකද ගොඩක් වෙලාවට ඔය කියන රංගන ශිල්පියාගේ ප්‍රශ්නේදී, මාව ගාවගන්න ඇත්තේ, අවු.1 1/2 ක් එක දිගට දීර්ඝ ටෙලි නාට්‍යයක දකින්න ලැබුණ නිසා වෙන්න ඇති. එහි විවාහක යුවලක් විදියට අපි නිතර දකින්න ලැබුණා. මම හිතන්නේ මම ගෑවුණේ ඒ ටෙලි නාට්‍ය නිසා තමා. බුද්ධියෙන් බලන අය ඒ විදියට තේරුම් ගත්තා සහ ඕන දෙයක් වැරැදියට දකින අය ඒ විදියට තේරුම් ගත්තා. මම වැරැද්දක් කර නැති නිසා, මම ඒවට උත්තර බඳින්න ගියේ නැහැ. මම කියන්නේ ඉතිං ගොසිප්වල, ගොසිප් සයිට්වල යන හැම දෙයක්ම අපි විශ්වාස කරන්න හොඳ නැහැ. අපි ගරල තමා ඒ දේවල් ගන්න ඕන.
ඔබ හිතනවද, ලංකාවේ ගොසිප් නිසා රැවටෙන මිනිස්සු ඉන්නවා කියලා.
ගොසිප් විශ්වාස කරන මිනිස්සු ඉන්නවා. ඒ අයට කියන්න තියෙන්නේ අර කලින් කිව්ව ටික තමා.
ඔබ රියැලිටි වැඩසටහනකින් පැමිණි තරුවක්. ආපස්සට හැරිලා බලද්දී අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ ?
ලබන මැයි මාසෙට මම ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා. සතුටු වෙන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා සහ ලබා ගත්ත දේවල් එක්ක අද මම ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්.
ඔබ හිතන්නේ එවැනි තැනක ඔබ ඉන්නේ ඇයි ?
ඒක මම හිතන්නේ, මම ගොඩක් වෙලාවට මම ගැන විශ්වාස කරනවා. මම කරන දේ ගැන මම විශ්වාසයකින් ජිවත් වෙන්නේ. මට මේ දේ කරන්න පුළුවන් කියන දේ ගැන මම ලොකුවට විශ්වාස කරනවා සහ මම හැම වෙලාවකදීම වැඩක් කරන්න ගියාට පස්සේ ඒ දේට ගොඩක් අවංක වෙනවා. මට ඕන හොඳ තැනක ඉඳලා, මිනිස්සුන්ට මතක හිතෙන දෙයක් දීලා කවදාහරි දවසක මෙතනින් අයින් වෙනවා නම් අයින් වෙන්න.
අද ක්ෂේත්‍රයට එන තරු එක දවසින් පායලා, එක දවසින්ම බැහැලා යනවා. තරුවක් විදියට ඒ ගැන ඔබගේ අදහස?
මෙහි රඳා පවතින්න නම් දක්ෂතාව විතරක්ම මදි. වාසනා ගුණයත් තියෙන්නම ඕන. ඉතිං මම කිව්වා වගේ කරන වැඩේ අවංකව කරන්න පුළුවන් නම් යම් දුරකට රඳාපවතින්න පුළුවන් වෙයි. වැඩේදී වැඩේ ඉන්න ඕන, වෙන වැඩ නෙමෙයි. සමහරු මෙතැනට එන්නේ වෙන වැඩ කර ගන්න. ඉතිං වෙන වැඩ කරන්නේ නැතුව මේ වැඩේ හරියට කරන්න.මේකත් ජොබ් එකක්. ඒක හරියට කරගෙන හිටියොත් තමන්ගේ තැන හදාගන්න පුළුවන්.
දිගටම තනියම ඉන්නද කල්පනාව. තනිකඩ ජිවිතයෙන් මිදෙන්න අදහසක් ඇත්තෙම නැද්ද?
එහෙම මිදෙන්න අදහසක් තියෙනවා. මිදෙන්න විදියක් නැතුව ඉන්නේ.
ඒ කියන්නේ ඒ කෙනා හොයාගෙනද?
තවම හොයමින් පවතිනවා.
(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..

Shiran Viraj

රජිනි කාන්ත් යාපනයට එනවලු

Shiran Viraj

උත්සව සමයේ මගී පහසුකම් සපයන්න ලංගම සූදානම්

Shiran Viraj
Translate »