mediahumanrights.lk
Local NewsNews

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු මැයි මාසයේ එයි

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ කඩයිම් ලකුණු මැයි මාසය අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
 
එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ ඊට අදාළ අවසන් කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි.
 
නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල වලට අයදුම්පත් භාරගැනීම අන්තර්ජාල ඔස්සේ පමණක් සිදු කළ අතර අපේක්ෂකයින් 71,111 දෙනෙක් ඒ සදහා අයදුම් කර තිබේ.
 
මෙවර විශ්වවිද්‍යාල සඳහා පාඨමාලා 210කට සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිතය.
 
ලැබුණු අයදුම්පත්වලට අනුව ඒ ඒ සිසුන්ට හිමි පාඨමාලා වර්ගීකරණය කිරීමෙන් අනතුරුව කඩයිම් ලකුණු නිකුත් කිරීමට පියවර ගන්නා බව මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.
 

(under the courtesy of adaderana news web)

Related posts

පවතින දේශපාලන අර්බුදයට ජනපතිගෙන් විසඳුමක් – මහ බැංකු වංචාවට සම්බන්ධ අයගේ නම් ලයිස්තුවකුත් එළියට

Shiran Viraj

බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..

Shiran Viraj

පොළියට තට්ටු කරන අයට විරුද්ධව මහින්ද නැඟිටියි

Shiran Viraj
Translate »