25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

විදුලිබලේ සභාපති ඉල්ලා අස් වූ හේතුව කියයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් අනුර විජේපාල ඉල්ලා අස්වී ඇත්තේ වෘත්තීය සමිති සමග පවතින යම් ගැටළුකාරී තත්ත්වයක් නිසා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.
එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ ඒ බව ඔහු විසින් ලබා දුන් ඉල්ලා අස්වීමේ ලිපියේ ද දක්වා ඇති බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති අතර පවතින ගැටළු හමුවේ අමාත්‍යංශය නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරද්දී ගනු ලැබූ තීන්දු තීරණ ක‍්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම මෙම ඉල්ලා අස්වීමට බලපෑ බව අදාළ ලිපියේ දැක්වෙනවා.
දශක ගනනාවකට පසු මෙරට විදුලිබල ක්‍ෂේත්‍රය විශාල අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථාවකදි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහල කළමණාකාරිත්වය හා අමාත්‍යතුමන්, නියෝජ්‍ය අමාත්‍යතුමන් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලු අනෙකුත් අදාල නිලධාරින් සතිපතා රැස්වෙමින් සාමුහික තින්දු තිරණ ගන්නා අතර, ජාතිකමය වශයෙන් හා ආයතනික වශයෙන් එහි උන්නතිය තහවුරු කිරිමට කටයුතු කර ඇති බවද අදාළ ලිපියෙන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.
අනුර විජේපාල පසුගිය වර්ෂයේ මාර්තු මාසයේදීද සිය ඉල්ලා අස්විම ප්‍රකාශ කළ අතර, ඉන් ඉක්බිතිව නැවත වරක් ඉල්ලා අස්විම භාර දි ඇති බැවින් සහ ඉල්ලා අස්විමේ ලිපිය මඟින් දක්වා ඇති කරුණු සැළකිල්ලට ගෙන එය භාර ගැනිමට අමාත්‍යවරයා තීරණය කළ බවත් සඳහන් කළා.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබල සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.බී. ගනේගල පත්කර ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.

(under the courtesy of nethfm news web)

Related posts

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Shiran Viraj

ඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…

Shiran Viraj

ජන බලයට දුන් කිරි පැකට් ගැන වාර්තාව සැකයි

Shiran Viraj
Translate »