mediahumanrights.lk
Local NewsNews

රෝහලේ වැසිකිළියෙන් බිළිදු මළ සිරුරක් හමුවෙයි

තණමල්විල රෝහලේ වැසිකිළියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.
රෝහල් සේවකයෙකු සිදුකරන ලද දැනුම්දීමක් අනුව අදාළ බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
සිද්ධිය පිළිබඳ තණමල්විල පොලීසිය සිදුකරන ලද විමර්ශන අනුව සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
බඩේ අමාරුවක් සහ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය වීම හේතුවෙන් තණමල්විල රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.
රෝහල් කාර්යමණ්ඩලයේ ද යම් සහයෝගයක් ඇතිව මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය සිදුකළ  මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව පොලිස් අත්අඩංගුව යටතේ හම්බන්තොට රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

Shiran Viraj

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම අරමුදලට රුපියල් මිලියන 92ක මුදල් පරිත්‍යාගයක්

Shiran Viraj

සංචාරක කලාපවලට ඉන්ධන, ගෑස් අඛණ්ඩව දෙයි.. විදුලි කප්පාදුවක් නෑ..

Shiran Viraj
Translate »