mediahumanrights.lk
Local NewsNews

රට පුරා පාසල්වල ඉංග්‍රීසි දැනුම දැඩි කරන්න අලුත් වැඩක්

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තීරණය කර තිබෙනවා.
ඊට සමගාමීව පාසල්වල පළමු හා දෙවන ශ්‍රේණි සඳහා ද ඉංග්‍රීසි භාෂා පෙළ පොතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි හා විදේශ භාෂා අංශයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ වන විට ඉංග්‍රීසි භාෂා පෙළ පොත් සකස් කර ඇත්තේ 3 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණයි.
සම්බන්ධීකරණ භාෂාවක් ලෙස සැලකෙන ඉංග්‍රීසි භාෂාව, දැනුම පදනම් ආර්ථිකයක් කරා පියනැගීමේ දී  සපුරා ගත යුතු අත්‍යවශ්‍ය සුදුසුකමක් ලෙස ද සැලකෙනවා.
ඒ අනුව පාසල් සිසුන් තුළ  සිංහල හා දෙමළ භාෂාවන් මෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම ද පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ තීරණය මත ක්‍රියාත්මකයි.
එහි තවත් පියවරක් ලෙස ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරුන්ගේ භාෂා ඉගැන්වීමේ ප්‍රවීණතාව සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් සැලසුම් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

Shiran Viraj

මහනුවර මැයි පෙළපාලියේ මෝටර් බයික්වලින් ගිය කොල්ලෝ සෙට් එකක් පාර මැද්දේ කරපු වැඩක් – Video

Shiran Viraj

ට්‍රම්ප්ගෙන් ලොව කුඩා රටවල් 150කට සමාන තීරු බද්දක් පනවීමට සැලසුමක්

Shiran Viraj
Translate »