mediahumanrights.lk
BusinessBusiness NewsNews

මාර්තු උද්ධමනය සියයට 8.6 දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2017 මාර්තු මාසයේ වාර්ෂික උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර ඇති ‍බව ප්‍රකාශ ක‍ලේය. 2017 පෙබරවාරි මාසයේ උද්ධමනය 8.2%ක් විය. වර්ෂ 2016 සැළකූවිට මාර්තු මාසයේ මිල ගණන් අවම මට්ටමක පැවතීම, 2017 මාර්තු මාසයේ උද්ධමනයේ සුළු වැඩිවීමට ප්‍රධාන හේතුවක් විය. 2017 මාර්තු මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 4.9%ක හා ආහාර නොවන කාණ්ඩයේ 3.8%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. එහෙත් 2016 මාර්තු මාසයේ මිල ගණන් අවම මට්ටමක පැවතීම නිසා එම මාසයේ උද්ධමනය සඳහා මෙම කාණ්ඩවල දායකත්වය පිළිවෙලින් 0.2%ක සහ 2.0%ක අඩු අගයක් පැවතිනි.
කෙසේ නමුත් 2017 මාර්තු මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළවිට 2017 පෙබරවාරි මාස‍යේ දර්ශකය 119.9 සිට 2017 මාර්තු මාසයේ දර්ශකය 119.5 පහළ යාමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කල විට මෙම අඩුවීම 0.4ක දර්ශකාංක අඩුවීමක් හා 0.3ක ප්‍රතිශතාංක අඩුවීමක් ලෙස 2017 මාර්තු මාසයේ වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.38%කින් අඩුවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.03%කින් වැඩිවීම බලපා ඇත.
2017 මාර්තු මාසයේ ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවීම සඳහා සහල්, දෙහි, කෙසෙල්, අමු මිරිස්, අර්තාපල්, මයිසූර් පරිප්පු, වියළි මිරිස් සහ මිරිස් කුඩු යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම බලපා ඇත. එසේ වුවත් පොල්, එළවළු, පැපොල්, සීනි, පොල්තෙල්, අඹ, කරවල සහ සුදුළූණු යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් වාර්තා වී ඇත.
පසුගිය මාසය හා සසඳන කල 2017 මාර්තු මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’, ‘රෙදිපිළි හා පාවහන්’ සහ ‘විවිධ භාණ්ඩ හා සේවා’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා ඇත. ‘ආපනශාලා හා හෝටල්’ යන කාණ්ඩයේ ඉතා සුළු වැඩිවීමක් සහ ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ සහ ‘විනෝදාත්මක හා සංස්කෘතික’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම ඉතා සුළු අඩුවීමක් වාර්තා වී ඇත. ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’, ‘සෞඛ්‍ය’, ‘ප්‍රවාහන’, ‘සන්නිවේදන’ සහ ‘අධ්‍යාපන’, යන කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.
(under the courtesy of adaderana news web)

Related posts

අමෙරිකාවට තවත් ඛේදවාචකයක් කඩා වැදීමට යයි

Shiran Viraj

රට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..

Shiran Viraj

දසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපති

Shiran Viraj
Translate »