mediahumanrights.lk
Local NewsNewsPolitical

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයි

පෞද්ගලික උසස් අධ්‍යපන ආයතනවල අවශ්‍යතාව වත්මන් ආණ්ඩුව පිළිගන්නා බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පසුගිය රජයේ ප්‍රතිපත්තිය ද එය වූ බව ඔහු ප්‍රකාශ කරයි.
සයිටම් පෞද්ගලික වෛද්‍යා විද්‍යාලය වසා දැමීමට හැකියාවක් නොමැති බව ද හෙතෙම පවසයි.
ඊයේ (25) රාත්‍රී සජීවී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍යා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම සම්මුඛ සාකච්ඡාවට සහභාගීවෙමින් පැවසුවේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබාදී ඇති නඩු තීන්දුව සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

Shiran Viraj

ඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…

Shiran Viraj

අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනි

Shiran Viraj
Translate »