mediahumanrights.lk
Local NewsNews

පලස්තීන-ශ්‍රී ලංකා එකඟතා ගිවිසුමකට එළඹෙන්න සූදානමක්

පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් වන එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ලබන ඔක්තෝබර් මාසයේ දී එම ගිවිසුමට අත්සන් තැබෙන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
පලස්තීන රජයේ ආසියා, අප්‍රිකා සහ ඔස්ට්‍රේලියා කලාපීය සහය අමාත්‍ය මසේන් ශාමයාහ්  ඇතුළු පලස්තීන රජයේ නියෝජිත පිරිසක් ඊයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමු වු අවස්ථාවේ අදාළ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්ය.
පලස්තීන රජයේ ඖෂධ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන ඖෂධ අමෙරිකා එක්සත් ජනපදය තුළ පවා පිළිගෙන ඇති බව එහිදී පලස්තීන නියෝජිතයන් පෙන්වා දී තිබේ.
අදාළ ඖෂධ නිෂ්පාදනය පිළිබඳව සොයා බැලීම සඳහා පලස්තීනයේ සංචාරයක නිරත වන ලෙස ද ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

වෛද්‍ය පාදෙණියට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

Shiran Viraj

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

Shiran Viraj

දුම්පානය කරන්නන් ළඟින් සිටීමත් අවදානම්

Shiran Viraj
Translate »