ග්රාම නිලධාරීන්ගේ ස්ථානමාරු ක්‍රමවේදය වෙනස් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
වසර 07කට වරක් ක්‍රියාත්මක කිරීමට තිබූ ස්ථානමාරුවීම් වසර 03කට වරක් සිදු කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව එම සංගම්වල නියෝජිතයින් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඔවුන් ඊයේ (09) තඹුත්තේගම ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් ද පවත්වමින් අදහස් පළ කර සිටියේය.
(under the courtesy of adaderana news web)